Home » සරසවිය සම්මාන උලෙළේ සිනමා දැක්ම

සරසවිය සම්මාන උලෙළේ සිනමා දැක්ම

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment

36 වන කැලීන් සරසවිය සම්මාන උලෙළ ජූනි 24 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ඊට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා දැක්ම වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක් තිරගත කිරීම පසුගිය 18 දා සිට කොළඹ

මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ආරම්භ විය. ඒ පසුගිය වසරේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ත්‍රිත්වයකි. ආචාර්ය

සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ සිංහබාහු, ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සරෝ අධ්‍යක්ෂණය කළ සිහිනයකි ආදරේ, හා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා සිනමාපටයයි. සිනමා දැක්මේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූයේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී රන්ජන් රාමනායක සහ ප්‍රවීණ රංගවේදිනී නදීකා ගුණසේකරයි. ඔවුන් සිවුදෙනා එක්ව සිනමා දැක්ම ආරම්භ කිරීම උදෙසා පහන් සිළු දැල්වූ අවස්ථාවයි මේ. • සේයාරුව – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment