MSC ELSA 3 නෞකා අනතුරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට වෙන බලපෑම අවම කිරීමට කටයුතු කරමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පවසයි.
ඉකුත් මැයි 25වැනිදා ලයිබිරියානු ධජය දරන MSC ELSA 3 භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ කේරළ වෙරළට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටියදි අනතුරට ලක් වි මුහුදු බත් විය. මෙම නෞකාව අනතුරට ලක් විමේ දි ඵහි උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් 13 ක් ප්ලාස්ටික් පබළු අඩංගු බහාලුම් 66ක් ඇතුළුව බහාලුම් 643 ක් සහ ඉන්ධන මෙට්ට්‍රීක් ටොන් 452ක් පමණ අන්තර්ගත වි තිබිණි.
මේ වන විට නිරිත දිග මෝසම සක්‍රිය විම සහ මුහුදේ ජල තරංග වල හැසිරීමත් පාදක කොට විශේෂයෙන්ම ප්ලාස්ටික් පබළු වලින් ශ්‍රි ලංකාවේ උතුරු සහ බටහිර වෙරළ දුෂණයට ලක් විය හැකි බව ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය, ITOPF ආයතනය මැයි මස 30වැනිදා වන විට පුරෝකථනය කර තිබිණි. ඵ් අනුව මෙම අධිකාරිය හදිසි අවස්ථා කණ්ඩායමේ ආයතන සහ MEPA ප්‍රාදේශිය කාර්යාල වෙත පුර්ව දැනුම් දිම් සිදු කළ බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරයි.
එ අනුව ජුනි 11 වැනිදා පලමුව ඩෙල්ප් දුපතේ වෙරළෙන් ප්ලාස්ටික් පබළු වලින් වෙරළ දුෂණය විම වාර්තා වු අතර ඉන් පසුව යාපනය සහ මන්නාරම වෙරළ ස්ථාන ගණනාවක මෙම පරිසර දුෂණ සිද්ධින් වාර්ථා වී තිබේ.
පවතින හදිසි සමුද්‍ර දුෂණ ආපදා තත්වය අවම කිරිම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ලෙස තෙල් සහ රසායනික ද්‍රව්‍ය විසිරිමකදි ක්‍රියාත්මක ජාතික සැලැස්මට අනුව හදිසි අවස්ථා කණ්ඩායමට අයත් ආයතන වල නිලධාරින් සදහා දැනුවත් කිරිම පසුගිය 12වැනිදා සිදු කිරීමට පියවර ගෙන ඇත.
එහිදි ඵක් ඵක් ආයතනවලින් මේ සදහා ලැබිය යුතු සහාය පිලිබද දැනුම් දුන් බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
විශේෂයෙන්ම මෙම පරිසර දුෂණයන් හේතුවෙන් සමුද්‍ර ජිවින්ට, ධීවර, සංචාරක ක්ෂේත්‍රයට සිදු වි ඇති බලපෑම අධ්‍යනය කිරිමට සහ වාර්ථා කිරිමට වන ජිවි දෙපාර්තමේන්තුව, ධිවර දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යංශය දැනුවත් කර ඇත. තවද පරිසර හානි තක්සේරුව සිදු කිරිම සදහා අවශ්‍ය පරික්ෂණ සහ දත්ත රැස් කිරිම සදහා නාරා ආයතනය දැනුවත් කර තිබේ.
සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය කඩිනමින් වෙරළ දුෂණය අවම කිරිම සදහා වෙරළ පවිත්‍ර කිරිමේ මෙහෙයුම් ජුනි 13වැනිදා ත්‍රිවිධ හමුදාවේ සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කර ඇත. මේ වන විට යාපනය දිස‍්ත්‍රික්කයේ අධික ලෙස දුෂණයට ලක් වු ස්ථාන 3ක 100 කගේ සහභාගිත්වයෙන් ද මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන 03 ක 140 කගේ සිදු කරයි.
මේ වන විට සිදු කරන ලද වෙරළ සමික්ෂණ අනුව යාපනය දිස‍්ත්‍රික්කයේ අලුතින් ස්ථාන 4ක්ද මන්නාරම දිස‍්ත්‍රික්කයේ අලුතින් ස්ථාන 4ක්ද හදුනා ගෙන ඇත. තවද පුත්තලම, කොළඹ, කලුතර සහ ගාල්ල දිස‍්ත්‍රික්කවලද මෙම සමුද්‍ර දුෂණ සිද්ධින් වාර්ථා වි ඇති අතර එම ස්ථාන සහ අනෙකුත් වෙරළ කලාපයන් වල ක්ෂේත්‍ර පරික්ෂා කිරිම් සිදු කරමින් පවති. එමෙන්ම වෙරළ පවිත්‍රතා සහ පරිසර හානි ප්‍රතිපුර්ණය කිරිමට අදාළව නෞකා සමාගම, රක්ෂණ සමාගම සමග ITOPF ආයතනයේ සම්බන්ධිකරණය ඇති සාකච්ඡා සිදු කරමින් පවතින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.