Home » ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

by chanaka
June 17, 2025 11:38 am 0 comment

පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින්, සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන්, උත්සව අවස්ථා සඳහා සහභාගී වීමත්, දුර ගමන්වල යෙදීමත් තාවකාලිකව නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

එළිමහනේ ගැවසීමේ දී තම ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ලඟ තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.

You may also like

Leave a Comment