විපක්ෂයේ බලය අල්ලනවා කියපු හුඟාක් ප්‍රාදේශීය සභාවල සමගි ජන බලයේ මන්ත්‍රීවරු මඟහැරියා. ඇයි එහෙම වුණේ?
නැහැ එහෙම වුණේ නැහැ. අපි අපිට බහුතර බලයක් ලැබිලා තියෙන ප්‍රාදේශිය සභාවල අපිට සහය දෙන අය සමඟ පළාත් පාලන ආයතන පිහිටුවන්න සුදානම් වෙලා ඉන්නවා. සජබ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් කණ්ඩායම් එකතු වෙලා ඒ දේ කරයි කියලා අපි විශ්වාස කරනවා. විපක්ෂය එකතු වුණාම අපිට නගර සභාවේ බලය ලබා ගන්න පුළුවන්. අපි කතා කරන්නේ ජනතාවගේ අතිමහත් බහුතර ඡන්දය දීලා තියෙන්නේ විපක්ෂයට කියලා පැහැදිලියි.
පළාත් පාලන මැතිවරණයට පෙර නම් කිවුවේ කිසිදු පක්ෂයක් එකතු කර ගන්නේ නැහැ කියලා. දැන් පක්ෂ එකතු කරගෙන නගර සභා පිහිටුවන්න හදනවා. ඒ නිසා සජබට කිසිදු ප්‍රතිපත්තියක් නැහැ කියලයි කියන්නේ…
ඒ කිවුවේ මැතිවරණයට පෙර නේ. දැන් මැතිවරණය ඉවරයි. අපි පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කරන්නේ පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට නේ. මේ පළාත් පාලන ආයතනය පිහිටුවීම් සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැති, කිසිදු දෙයක් නොදන්න අයයි මේ දෙවල් කියන්නේ. ආණ්ඩුව එක ප්‍රතිපත්තියක ඉන්නවාද කියලා මම අහන්න කැමැතියි. අපි හිතන්නේ ඔවුන් මේ ස්වාධීන කණ්ඩායම් පවා විවේචනය කරමින් ගෙන ගිය වැඩපිළිවෙළ අනුව දැන් ඒ අයගේ ප්‍රතිපත්ති කොහෙද කියලා අපිට හිතාගන්න බැහැ. ඒ නිසා අපි ප්‍රශ්න කරන්නේ ඒ අයගේ සදාචාරය කොහෙද කියලා. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නේ ඒ අය මිස, අපි නොවෙයි. සජබ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල, ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රී කණ්ඩායම් එකතු වෙලා පළාත් පාලන ආයතන පිහිටුවන්න අපිට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. විපක්ෂය එකතු වුණාම අපට නගර සභා විශාල ප්‍රමාණයක බලය ලබාගන්න පුළුවන්. ජනතාව ආණ්ඩුව ගැන කලකිරීමෙන් මේ දේ කරලා තියෙන්නේ. බහුතර ජනතාවක් ඡන්දය දීලා තියෙන්නේ විපක්ෂය ගැන යම් විශ්වාසයක් ඇතිවයි. ඔවුන් ඡන්දයට කලින් කිවුව දේවල්ද දැන් කරන්නේ? ඒ අය කිවුවා ස්වාධීනයි කියලා කියන සියලු දෙනාම හොරු කියලා. ස්වාධීනයි කියලා ඉන්න අයත් ස්වාධින ලේබල් ගහගෙන එන අයත් හොරු කියපු අය ඒ හොරු කියන අයත් එක්කත් එකතු වෙන්න හදනවා. මේ අයට තියෙන්නේ බල ලෝභිකම විතරයි. ඒ අය දැන් කා එක්ක හරි එකතු වෙන්න උත්සාහ කරනවා. අපෙත් සමහර මන්ත්‍රීවරුන්ට ආරාධනා තියෙනවා.
ආණ්ඩු පක්ෂයට ප්‍රතිපත්ති නැහැ කිවුවට, විපක්ෂයට ප්‍රතිපත්ති තියෙනවාද?
අෙප් ප්‍රතිපත්තියක් නැති එක ගැන කතා කරන ආණ්ඩුවට සැලසුම් ප්‍රතිපත්තියක මුකුත් නැහැ. ඒ අය පෙන්වන්න හදනවා ප්‍රතිපත්තියක ඉන්නවා කියලා. අනෙක් සියලු දේශපාලන කඳවුරුවල සියල්ල හොරු කියන දේ රටට කියලා බලයට ආව අය අද ඒ හොරුන් කියන අයටත් ආරාධනා කරන එකද ප්‍රතිපත්තිය. කොහොම හරි පළාත් පාලන ආයතනවල බලය අල්ලන්න හදනවා. අපිත් පළාත් පාලන ආයතනවල බලය ලබා ගන්න උත්සාහ කරනවා. ඒක වරදක් නොවෙයි. අපි ප්‍රතිපත්ති ඉදිරිපත් පත් කරන්න මෙය මහමැතිවරණයක් නොවෙයි; ගමේ ජනතාවගේ අවශ්‍යතාවලට ගම හදන්නයි; පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ. ජනතාවගේ අප්‍රසාදය මේ වන විට එළියට ඇවිල්ලා බව මේ මැතිවරණයෙන් ඒ අයට බලාගන්න පුළුවන්. මාස හයක් යන්න කලින් ලක්ෂ 23ක් ඡන්දය අඩු වුණා; අපිට ලක්ෂ තුනක් වැඩි වුණා. එයින් පැහැදිලි වෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ අයගේ බලලෝභිත්වය, ප්‍රතිපත්තියක් නැතිකම ස්වාධීන අපේක්ෂකයන් එකතු කර ගැනීමෙන්ම පැහැදිලි වෙනවා.
පේන හැටියට නම් සජබ දිනපු මන්ත්‍රීවරුන්ටත් නායකත්වය විශ්වාස නෑ නේද?
එහෙම දෙයක් නැහැ. අපි සහයෝගයෙන් සමගියෙන්, සියලු දෙනාගේ මතයට ගරු කරමින් කටයුතු කරන පක්ෂයක්. අපි පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී සියලු දෙනා ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා කටයුතු කරනවා. අපි විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා කළේ පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධවයි. ඒ අයට වුණත් පුළුවන් ස්වාධීනව හිතන්න. තමන්ගේ සහය කාටද කියලා ඒ අයට තීරණය කරන්න පුළුවන්. සමහර අය අපිත් එක්ක වැඩ කරන්න තීන්දු කරයි. සමහර අය ආණ්ඩුවත් සමඟ වැඩ කරයි. ඒක අපිට ගැටලුවක් නොවෙයි. එහෙත් අපේ අයට නායකත්වය ගැන කිසිදු ප්‍රශ්නයක් මතු වෙලා නැහැ.
ඔබ එහෙම කිවුවාට සජබ හිතුවේ ස්වාධින කණ්ඩායම් සියල්ල විපක්ෂයට සහය දෙයි කියල නේද?
එහෙම දෙයක් අපි හිතුවේ නැහැ. අතිබහුතරයක් විපක්ෂයේ පක්ෂ අපි සමඟ ඉන්නවා. ස්වාධීන අයත් ඉන්නවා. ඒ අයට අයිතිය තියෙනවා කැමැති පක්ෂයක් සමඟ මේ අවස්ථාවේ එකතු වෙන්න. ඒ ගැන අපිට කිසිදු ගැටලුවක් නැහැ.
සමගි ජන බලවේගය නාමල් රාජපක්ෂට කඩේ යනවා. නාමල් රජ කරවන්න අපට කිසිම වුවමනාවක් නැහැ කියලා ජාඇළ මන්ත්‍රීවරයකු හර්ෂණ මන්ත්‍රීතුමාගේ මූණටම කිවුවා නේද?
වැරදි වැටහීමක ඉන්නේ. එතුමා කිවුවේ වෙනත් පුළුල් අදහසකින්. සැබැවින්ම නාමල් මහත්තයා ගැන නොවෙයි පොදුවේ විපක්ෂයට බලයක් දීලා තියෙනවා. විපක්ෂය එකතු කරගමින් මේ පළාත් පාලන ආයතනවල ජන බලය අපි ඒ තුළ පිහිටුවන්න කටයුතු කරනවා. ඒ හැර වෙනත් අදහසක් නැහැ. විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කරන්නයි මේ එකඟතාව ඇති වෙලා තියෙන්නේ. කිසිම කෙනකුව රජ කරගෙනත් නෑ; කිසිම කෙනකු රජ වෙන එකක් ගැන කතාබහක් ඇතිවෙලත් නෑ. සියලු පක්ෂවලට යම් ශක්තියක් තියෙනවා. සෑම කෙනෙකුම ඒ එකමුතුව සහයෝගයෙන් මේක කරන්න උත්සාහ කරනවා.
විපක්ෂය කොච්චර අනාවැකි කිවුවත් 16 වැනිදා කොළඹ මහ නගර සභාව පිහිටුවන්නේ ආණ්ඩුව කියලයි බොහෝ අය කියන්නේ…
අනාවැකි කියන්න දෙයක් නැහැ. ප්‍රතිශතයක් විදියට ගත්තාම 60% කොළඹ නගරයෙන් ඡන්දය දීලා තියෙන්නේ මාලිමාවට නොවන පිරිසටයි. ආණ්ඩුව කොළඹ නගරයෙන් ශිඝ්‍රයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා කියන කාරණාව මෙතැනදි වැදගත් වෙන්නේ. ආණ්ඩුව කාගේ හරි කරේ එල්ලිලා හරි බලය පිහිටුවන්න උත්සාහ කරනවා. කොළඹ විතරක් නොවෙයි අනෙක් තැන්වලත් මේ විපක්ෂයට බහුතර මන්ත්‍රීවරුන් ඉන්නවා. වැරදි අදහස් සමාජගත කරලා ආණ්ඩුව ජනතාව දිනාගන්න උත්සාහ කළා. මේ අය මේ වෙලාවෙත් කරන්නේ බොරුව සමාජගත කිරීමක් විතරයි. කවුරුත් නායකයා කර ගන්න බව කවුරුත් කතා කරලා නැහැ.
සුළු සුළු කාරණා අල්ලාගෙන ආණ්ඩුවට මඩ ගැහුවට, ආණ්ඩුව යන ගමන කෙළින්ම යන බව රටේ මිනිස්සු කියනවා…
රටේ මිනිස්සු නම් කියන්නේ නැහැ. ආණ්ඩුවම තමයි කියන්නේ. ආණ්ඩුව දුන්න එක පොරොන්දුවක් ඉටු කළේ නැහැ 30%කින් විදුලි බිල අඩු කරනවා කිවුවට අන්තිමට 15%කින් විදුලි බිල වැඩි කළා. ජනතාවට මේ ආණ්ඩුව කරපු කිසිදු දෙයක් නැහැ. දුන්න බොරු පොරොන්දු අතේ පත්තු වෙලා. අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු අඩු කරනවා කිවුවට කිසිදු දෙයක් සිදු වෙලා නැහැ. මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැන බැන අන්තිමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියනවාටත් වඩා හොඳින් රනිල් මහත්තයාටත් වඩා හොඳින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියන දේ කරගෙන යනවා. මේ අයට විශේෂ කිසිදු ප්‍රතිපත්තියක් නැහැ; වැඩපිළිවෙළක් නැහැ. අවුරුදු 5ම බොරු කිය කිය ගෙවිලා යයි.
ප්‍රාදේශීය සභාවල ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ට ආසන නොදී, ලැයිස්තුවෙන් නම් කළ අයට ආසන දෙන්න ගිහින් ඔක්කොම අවුල් වුණා?
මේ දේවල් ආණ්ඩුව කියන බොරු. එහෙම කිසිදු අවුලක් නෑ. ආණ්ඩුවේ එහෙම අවුල් තියෙනවාද කියලා අපි දන්නේ නෑ. ඒත් අපේ පක්ෂයේ එහෙම දේවල් නෑ.
කබීර් හෂිම් මන්ත්‍රීතුමා කිවුවා දෙසැම්බරේ රට අල්ලනවා කියා. ආණ්ඩුවට වසර පහක ජනවරමක් තිබියදී ඇයි සජබ මන්ත්‍රීවරුන් මෙහෙම කියන්නේ?
අපි එහෙම ස්ථාවරයක ඉන්නේ රට අල්ලනවා කියන අදහසින් නොවෙයි. දින කාලවකවානු කෙසේ වුවත්, මේ යන ක්‍රමවේදයට නම් ආණ්ඩුවට තවත් යන්න බැරි වෙයි. ජනතාවට මේ ආණ්ඩුව ගැන ලොකු කලකිරීමක් තියෙනවා. ඒ නිසා ජනතා අප්‍රසාදයෙන් බොහෝදුරට රටක් කර ගෙන යන්න අමාරුයි. ආර්ථිකය ගැන සැලසුම් නෑ; ප්‍රායෝගිකව කිසිදු දැනුමක් නෑ. අද වන විට විදුලි බිල වැඩි වෙලා. සියලු දේවල් අඩු කරනවා කියලා ආව ආණ්ඩුව සෑම දේම වැඩි කරගෙන යනවා. ජනතාවට කිසිදු සහනයක් දීලා නෑ. තමන්ගේ කාර්යභාරය මොකක්ද රටක් වෙනුවෙන් ආණ්ඩුව කරන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා ඒ අය දන්නේ නෑ. පළාත් පාලන ආයතනවල බලය ලබාගෙන, එය විධිමත් විදිහට පාලනය හොඳින් පාලනය කිරීමයි අපිට ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ.