පාතාල කණ්ඩායම් සම්බන්ධව පොලීසිය මේ වන විට වෝහාරික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් සිළුමිණට කීය.
පාතාල කල්ලිවල ආරම්භය, එහි සාමාජික සංඛ්‍යාව, ඔවුන් සිදු කළ සහ සිදු කරගෙන යන හෝ සිදු කිරීමට සූදානමින් සිටින අපරාධ, ඒවායේ ස්වභාවයන්, අපරාධ සිදු කළ ප්‍රදේශ, මේ කල්ලි කණ්ඩායම්වල ප්‍රතිවිරුද්ධ පුද්ගලයන්, ඔවුන් එකිනෙකා අතර වෙඩි තබාගැනීමට හේතු වී ඇති කරුණු, මේ පුද්ගලයන් භාවිත කරන අවි ආයුධවල ස්වභාවය, ඔවුන් සිදු කරන මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම්, පරිහරණය කරන වාහන, ඇසුරු කරන පුද්ගලයන්, ලබා ගන්නා ලද දුරකතන ඇමතුම් ආදිය පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම මෙහි අරමුණයි.