Home » රීසා සරුක්ට එජාප සහය එපා

රීසා සරුක්ට එජාප සහය එපා

සභිකයෙක් පක්ෂයෙන් ඉල්ලයි

by Mahesh Lakehouse
June 14, 2025 12:33 am 0 comment

සමගි ජන බලවේගය පක්ෂයෙන් තරග කොට කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත් වී ඇති රීසා සරුක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොදෙන ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තේරී පත් වූ සභිකයකු වන රම්සි ටෝනි, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරිය වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

රීසා සරුක් සම්බන්ධයෙන් මහජනතාව තුළ ඇති ප්‍රතිරූපය අනුව එවැන්නකු කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත් කරගැනීමට සිය ඡන්දය භාවිත කළ නොහැකි බවත් ඔහු පවසයි. සිය ලිපිය මඟින් ඔහු වැඩිදුරටත් පවසන්නේ එජාපය සහ සමගි ජන බලවේගය සාකච්ඡා පවත්වා නගරාධිපති ධුරයට සුදුසු අපේක්ෂකයකු නම් කිරීමට තවමත් අවස්ථාව පවතින අතර, එසේ නගරාධිපති ධුරය සඳහා අපේක්ෂකයකු නම් කරනු ලැබුව හොත්, එකී අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කර ඔහුගේ ජයග්‍රහණය සහතික කිරීමට තමා කැප වන බවය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division