Home » කොළඹ මහ නගර සභාවේ සංග්‍රහ වංචාවක් එළියට

කොළඹ මහ නගර සභාවේ සංග්‍රහ වංචාවක් එළියට

by Mahesh Lakehouse
June 14, 2025 12:34 am 0 comment

කොළඹ මහ නගර සභාවේ 2023 හා 2024 වසරවලට අදාළව මහා පරිමාණ සංග්‍රහ මුදල් වංචාවක් සම්බන්ධයෙන් විගණනයෙන් අනාවරණය කරගෙන තිබේ.

එම වංචාවේ එක් අක්‍රමිකතාවක් වන්නේ මහ නගර සභාවේ 2023 හා 2024 වසරේ රැස්වීම් වාර 4ක් වෙනුවෙන් සංග්‍රහ වියදම් ලෙස රුපියල් මිලියන ගණනක සිදු කළ අක්‍රමිකතාවකි. ඒ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ජාතික විගණන උප කාර්යාලයෙන් WPLG/CL/A/CMC/AQ/2024/01 අංකයෙන් යුතුව විගණන විමසීමක්ද කර තිබේ.

සභිකයන් 119කගෙන් සමන්විත කොළඹ මහ නගර සභාවට 440කට පමණ සංග්‍රහ ලබා ගෙන ඇති අතර, මන්ත්‍රීවරුන් නොවන මහ නගර සභාවේ නිලධාරීන් තුන්සීයකට අධික පිරිසක් වෙනුවෙන්ද ආහාරපාන වෙනුවෙන් රු. 3,826,376ක මුදලක් දරා ඇති නමුත් පැවැත්වූ සභා වාර 4න් සභා වාර 3කටම සහභාගි වී ඇත්තේ නිලධාරීන් 10ක් හෝ ඉන් අඩු ප්‍රමාණයකි. එහෙත් පැවැත්වූ සභාවාරයන්ට පිළිවෙළින් නිලධාරීන් 304ක්, 303ක්, 304ක්, 373ක් සහභාගි වූ බවට ව්‍යාජ වාර්තා ලබා දී එමෙන්ම SHAO LOUNG (PVT) LTD ආයතනයෙන් ආහාරපාන මිල දී ගත් බවට ව්‍යාජ බිල් පත්ද ඉදිරිපත් කර ඇති බව අනාවරණය වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division