Home » මෙය දිගු ගමනක සුභවාදි ආරම්භයක්

මෙය දිගු ගමනක සුභවාදි ආරම්භයක්

සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

by Mahesh Lakehouse
June 14, 2025 12:35 am 0 comment

මතවාද, මතභේද සහ වාද විවාද අවම කරගනිමින් දේශපාලනික වශයෙන් යා යුතු දිගු ගමනේ ආරම්භයක් ලෙස හොඳ අවස්ථාවකට පැමිණි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පිහිටුවා ගත් පොදු විපක්ෂය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය: “මෙවර පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බහුතරයක් සඳහා ජනතාව මාලිමාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර නැති බවත්, විරුද්ධ පක්ෂවලට බහුතර ඡන්දය ප්‍රකාශ කළ බවත් පැහැදිලියි. මහජනතාව ප්‍රකාශ කළ අදහස ක්‍රියාවට නැංවීම සඳහා එක අරමුණකට යා යුතු බවට දේශපාලන පක්ෂ ගණනාවක් එකතු වෙලා අපි පොදු තීරණයකට එළඹුණා. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කර තිබෙන ආකාරය අනුව පොදු විපක්ෂය හැටියට එහි බලය තහවුරු කර ගැනීමට අපි ක්‍රියා කරනවා.”

You may also like

Leave a Comment