පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විරුද්ධ දේශපාලන පක්ෂ එකතු වී පිහිටුවිය යුතු බවට ප්‍රකාශ වූ ජනතා තීන්දුව අනුව පැවරුණු වගකීම ඉටු කිරීමට පොදු විපක්ෂයට සම්බන්ධ වූ බව පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් ලසන්ත අලගියවන්න පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා: “පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 140ක බහුතර බලයත්, තවත් ආයතන 29ක බලයත් තනි පක්ෂයක් විදිහට මාලිමාවට ලැබුණා. අපේ යුතුකම කිසිදු විදිහකින් ඒවායේ කටයුතු අඩාළ නොකර ඒවා කරගෙන යෑමට සහයෝගය ලබා දීමයි. ඒත් සෙසු පළාත් පාලන ආයතනවලට ලැබුණු ජනවරමෙන් ප්‍රකාශ වුණේ විරුද්ධ පක්ෂවලට එකතු වෙලා සභා පිහිටුවන්න කියලයි. පොදු විපක්ෂය විදිහට අපි එකතු වුණේ ඒ ජනතා තීන්දුව ඉටු කිරීමේ වගකීම වෙනුවෙන්.”