Home » රොඩු-බොඩු එක් වීම ජනවරමට පිටුපෑමක්

රොඩු-බොඩු එක් වීම ජනවරමට පිටුපෑමක්

වෘත්තීය අධ්‍යාපන ඇමැති නලින් හේවගේ

by Mahesh Lakehouse
June 14, 2025 12:37 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

රොඩු බොඩු හා හොර දූෂිත කණ්ඩායම් එකතු වී පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීමට කටයුතු කිරීම ජනවරමට පිටුපෑමක් බවත්, ඒ තාවකාලික වින්දනය දිගුකාලීන වේදනාවකට උරුමකම් කියන බව සජිත් හා නාමල් තේරුම් ගත යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය නලින් හේවගේ පවසයි.

ඇමැතිවරයා මෙසේද පැවසීය: “කිසිදු ආකාරයකින් හොරුන් සමඟ එකතු නොවන බව සජිත් ප්‍රේමදාස පසුගිය කාලේ පුන පුනා ප්‍රකාශ කළා. ඒත් පොහොට්ටුව සමඟ එකට වාඩි වී නාමල් සහ සජිත් දැන් ගොඩ එන්න හදන්නේ පසුගිය මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ මජර දේශපාලන නරා වළෙන්ම නම්, ඔවුන්ගේ දේශපාලනය එතැනින්ම ඉවරයි.”

You may also like

Leave a Comment