Home » වනජීවියේ 3,451කට ස්ථිර පත්වීම්

වනජීවියේ 3,451කට ස්ථිර පත්වීම්

by Mahesh Lakehouse
June 14, 2025 12:39 am 0 comment

වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තුකරුවන් 3,451කට පත්වීම් පිරිනැමීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇත. බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් 100,000ක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගනු ලැබූ පිරිසෙන් මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන අභ්‍යාසලාභීන් පිරිසකට මෙසේ මෙලෙස විදුලි වැට නඩත්තු සේවකයන් ලෙස ස්ථිර පත්වීම් පිරිනැමිණි.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී මේ අතුරින් 50කට ස්ථිර පත්වීම් ලිපි පිරිනැමුණු අතර, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ ද මේ අවස්ථාවට එක් වූහ. වර්තමාන රජය යටතේ වැඩිම පිරිසකට එකවර පත්වීම් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ. වසර ගණනාවක් පුරා ස්ථිර පත්වීම් නොලැබුණු මේ සේවකයන්ගේ ගැටලුවට වර්තමාන රජය බලයට පත් වීමෙන් අනතුරුව මෙසේ නිසි අධීක්ෂණයක් සහ කඩිනම් වැඩපිළිවෙළක් යටතේ විසඳුම් ලැබී ඇත.

You may also like

Leave a Comment