මේෂ – රැකියා ව්‍යාපාර ලාභ
සඳු ගමන් ගන්නේ 11, 12, 1 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය සැනසිලිදායකය. රැකියා ව්‍යාපාර ලාභ හිමිකර දෙන මේ සතියේ ඥාති හිතවත් අය නිෙවසට පැමිණේ. ආර්ථිකය ශක්තිමත්ය. දරුවන්ගේ කටයුතු පිළිබඳ සතුටු විය හැකියි. එහෙත් පාඩුවක් නිෂ්ඵල ගමනක් හෝ නීතිමය ගැටලුවක් මතු වීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත් වන්න. අපල අවම වීමට ඉවසීම, මෛත්‍රිය වර්ධනය කර ගන්න.
සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – නිල්, රතු / සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා
වෘෂභ – සුවදායි දිවියක්
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. මේ සතියේ මුල් දින කිහිපය ඉතා යහපත්ය. ගෘහ ජීවිත රැකියාව දරුවන්ගේ කටයුතු සෞඛ්‍යමය තත්ත්වය සුබදායක වේ. අවසන් දින දෙක බුද්ධිමත්ව කටයුතු කළ යුත්තේ සිත් රිදීමක් හෝ දුර ගමනක් මුදල් වැයවීමක් සිදු විය හැකි බැවිනි. අපල අවම වීමට ප්‍රවේශම, බුද්ධිමත් බව පිටිවහලක් වේ.
සුබ අංක – 5, 6, 8 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මිථුන – පුණ්‍ය කටයුතුවලට දායකත්වය
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. පුණ්‍ය කටයුතුවලට දායක වන මෙලොව මෙන්ම පරලොව යහපත පිණිසද යමක් ඉෂ්ට සිද්ධ කරගන්නා සතියකි. අන්‍යන්ගේ දුකට පිහිට වන කර්ම බලය ශක්තිමත්ය. ඥාති හිත මිත්‍රාදීන්ගෙන් උදවු උපකාර පවතී.
අපල වීමට මල් පහන් පූජා කරන්න.
සුබ අංක -3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
කටක – ආර්ථිකය ශක්තිමත්
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවත් සැලවිය හැකි අතර ඉන් පසු දින කිහිපය යහපත් වේ. ආර්ථිකය ශක්තිමත් සහ රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගත හැකි වේ. පුණ්‍ය සහ පොදු කටයුතු වෙනුවෙන් කාලය වැය කරයි. ගමන් බිමන් අධික වේ. අපල අවම වීමට සුදු, කහ, රතු මල් පූජා කර දෙවි දේවතාවුන්ට පින් දෙන්න.
සුබ අංක – 2, 7, 9 / සුබ වර්ණ – සුදු, රතු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සඳුදා
කන්‍යා – හදිසි ධන ලාභ
සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. දුර හෝ විදේශවල සිටින ඥාති හිතවතුන්ගේ පැමිණීම සහ දුර ගමන් බිමන්ද පෙන්වයි. සමාජීය දේශපාලනික සහ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් ඇප උපකාර කරයි. හදිසි ධන ලාභ වුව ගෙන දිය හැකියි. ආමාශගත අසනීප උදර රෝග ඇති විය හැකියි. අපල අවම වීමට විවේකයක් ගන්න උත්සාහ කරන්න.
සුබ අංක – 2, 3, 5 /සුබ වර්ණ – කහ, කොළ/ සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා
තුලා – දූදරු අධ්‍යාපන දියුණුව
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හොඳින් කරගෙන යා හැකි අතර ඔවුන්ගේ දක්ෂතා පෙන්නුම් කරයි. පුණ්‍ය කටයුතු පොදු කටයුතු වෙනුවෙන් දායකත්වය සපයන උසස් උගත් මිතුරන් මුණගැසෙන ප්‍රසිද්ධිය ලබන සතියකි. අපල අවම වීමට දස දිසා පිරිත කියන්න.
සුබ අංක – 1, 2, 4 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික – මවුපිය දූදරු සබඳතා
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදරදොර කටයුතුවලදී වැඩි ක්‍රියාශීලී ගතියක් පෙන්වයි. ගමන්බිමන් වැඩි වේ. විදෙස් ගමන් නැතිනම් දුර ගමන් යෙදේ. මාපිය දූදරු සබඳතා වැඩි දියුණු වන පුණ්‍ය කටයුතුවලට දායකත්වය දෙන සතියකි. දේපළ උරුම හිමිකම් නීතිමය ගැටලුවලින් නිදහස් වේ. සුළු අනතුරුවලට ඉඩ ඇත. අපල අවම වීමට කලබලකාරී බව අඩුකර ගන්න.
සුබ අංක – 1, 2, 7 / සුබ වර්ණ – රතු, කහ / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා
ධනු – සහජ දක්ෂතා
සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. සහජ දක්ෂතා වැඩි දියුණු වන ස්වයං රැකියා ලාභ ඇති සතියකි. පදිංචි ස්ථානයේ අනාගත අභිවෘද්ධිය පිණිස කටයුතු ආරම්භ කරයි. මවුපිය සොහොයුරු දූදරු බැඳීම් පුණ්‍ය කටයුතු සිදු කිරීම් එකමුතුකම්ද දක්නට ඇත. නිවාස ඉදිකිරීම් නවීකරණය කිරීම් සිදුවේ. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 3, 5, 6 / සුබ වර්ණ – කොළ, තැඹිලි / සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා
මකර – ධන ලාභ
සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. ඔබට ලැබිය යුතු මුදලක් හෝ හදිසි ධන ලාභයක් ලැබීමේ ප්‍රවණතාවක් ඇති සතියකි. සහජ දක්ෂතාවලට නිසි ඇගැයීමක් හිමිකර දෙයි. ගෘහ ජීවිතය, රැකියා, දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව ගෙන දෙයි. අපල අවම වීමට රතනසූත්‍රය කියන්න.
සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – බදාදා, සිකුරාදා
කුම්භ – බුද්ධිමත් මිතුරන් ඇසුර
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. සමාජීය කටයුතුවලට වැඩි දායකත්වයක් ඇති උසස් උගත් මිතුරන් මුණ ගැසෙන සතියකි. ඇසුරු කරන අය අතර ප්‍රියමනාප ස්වරූපයක් උසුලයි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තිය ගෙන දෙයි. ඉවසිලි වන්තව තම කාර්යයන් කරගෙන යයි. අපල අවම වීමට රෝගීන්ට සහයවන්න.
සුබ අංක – 3, 7, 9 / සුබ වර්ණ – රතු, නිල්, සුදු / සුබ දවස් – බදාදා, සිකුරාදා
මීන – දුර ගමන් බිමන්
සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2 යන භාවයන් මතිනි. ආරම්භය තරමක් ගැටලුකාරි විය හැකි අතර දුර ගමන් යෙදේ. අතමිට මිල මුදල් ගැවසේ. වචනය නිසා අන්‍යයන්ගේ සිත් දිනා කටයුතු කරයි. හදිසි ධනයක් වුවද සුළුවෙන් හෝ ලබන්නට ඉඩ ඇත. ගෘහ ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යයි. අපල අවම වීමට බෝ මළුව අමදින්න.
සුබ අංක -1, 3, 4 / සුබ වර්ණ – කහ, තැඹිලි /සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා