Home » සංචාරක ක්ෂේත්‍රය නැංවීමට Visa ආසියා – පැසිෆික් නායකත්ව සමුළුව ශ්‍රී ලංකාවේ

සංචාරක ක්ෂේත්‍රය නැංවීමට Visa ආසියා – පැසිෆික් නායකත්ව සමුළුව ශ්‍රී ලංකාවේ

by Mahesh Lakehouse
June 14, 2025 12:31 am 0 comment

ලොව ගෙවීම් සේවා අතර ප්‍රමුඛයකු වන Visa, තම ආසියා පැසිෆික් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ සංචාරක කර්මාන්තයට අත්වැලක් වීමේ අරමුණින් මේ පියවර ගෙන තිබේ. මේ සඳහා වන ගිවිසුමට Visa සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් පසුගියදා අත්සන් තබන ‌ලදි. මේ හවුල්කාරිත්වය යටතේ දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාව රැස්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ආදිය සඳහා සුදුසුම ගමනාන්තය ලෙස ප්‍රවර්ධනය කිරීමට නියමිතය.

මෙම හවුල්කාරිත්වය මඟින් සහයෝගි හා පුළුල් ප්‍රවේශයක් ඔස්සේ සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කිරීම, සංචාරකයන් රට තුළ සිදු කරන වියදම් ඉහළ නැංවීම සහ Visa සතු ගෙවීම් ක්‍රමවේද ඔස්සේ සංචාරක කේන්ද්‍රස්ථාන ඩිජිටල්කරණය කිරීම යනාදිය සිදු කෙරෙනු ඇත. එමෙන්ම එමගින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාකයන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට සහ ඔවුන් වෙනුවෙන් මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද සැලසුම් කර තිබේ.

You may also like

Leave a Comment