අගෝස්තු 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි TVS මෝටර්ස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සුදර්ශන් වෙනූ නම් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
විශ්‍රාම යන වර්තමාන සභාපති, ශ්‍රීමත් රැල්ෆ් ස්පෙත් මහතා මීළඟ වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසු නැවත සභාපතිවරයා ලෙස පත් වීමට අපේක්ෂා නොකරන නමුත්, අගෝස්තු 23 දින සිට බලපැවැත්වෙන පරිදි වසර 3ක කාලක් සඳහා සමාගමේ ප්‍රධාන උපදේශකයකු ලෙස පත් කිරීමට නියමිත ය.
මේ පිළිබඳ අදහස් දැක්වූ TVS මෝටර්ස්හි විශ්‍රාමික සභාපති, වෙනූ ශ්‍රීනිවාසන් මහතා පැවසූයේ, “පසුගිය වසර 3ක කාලය පුරා TVS මෝටර්ස්හි සභාපතිවරයා ලෙස රැල්ෆ් ස්පෙත් මහතා දුන් නායකත්වයට මගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම TVS මෝටර්ස්හි ප්‍රධාන උපදේශකවරයා ලෙස අඛණ්ඩව සහයෝගය දීමට කටයුතු කිරීම පිළිබඳ ස්තුතිය පුද කරන අතර, නව කළමනාකාර අධ්‍යක්ෂ සුදර්ශන් වෙනූ සාදරයෙන් පිළිගන්නවා…” යනුවෙනි.