මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD වෙතින් 2025 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරය දිනාගත් ටයර් සන්නාමය’ ලෙස සියැට් සමාගම සම්මානයට පාත්‍ර වී ඇත.
LMD සඟරාව වෙනුවෙන් PepperCube ආයතනයේ සමීක්ෂණයක සොයාගැනීම් පදනම් කර ගනිමින් මෙම සම්මානය සියැට් සමාගමට පිරිනමා ඇත. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල LMD පාඨකයන් මෙම සමීක්ෂණයට සහභාගි වූ අතර, ඔවුන්ගේ ප්‍රතිචාර මඟින් මෙරට වඩාත්ම ජනාදරය දිනාගත් සන්නාමයන් කාණ්ඩ 43ක් යටතේ ශ්‍රේණිගත කර ඇත. මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩිංග්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මෙසේ අදහස් දැක්වීය: “අපගේ සන්නාමය ගොඩනැඟීමේ උත්සාහයන් පුළුල් පාරිභෝගික පිරිසකට සමීප වී ඇති බව මෙය පෙන්නුම් කරන අතර, මඟීන්ගේ ජීවිත ද ටයර් මත රඳා පවතින නිසා එය එසේ වීම ඉතාමත් උචිතයි…”