Home » Ancient Nutraceuticals වෙතින් සීනි මඬින්න ‘මස්බැද්ද’ කැප්සියුල

Ancient Nutraceuticals වෙතින් සීනි මඬින්න ‘මස්බැද්ද’ කැප්සියුල

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

ප්‍රජා සෞඛ්‍ය ඉහළ නැංවීමේ තවත් එක් මෙහෙවරක් ලෙස මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals (Pvt) Ltd විසින් සිදු කළ අධ්‍යයන මඟින් සෞඛ්‍ය සම්පන්න රුධිර ග්ලූකෝස් මට්ටමක් පවත්වාගැනීම කෙරෙහි මස්බැද්ද (Gurmar) ඉවහල් වන බව අනාවරණය වී තිබේ. ස්වාභාවික ප්‍රතිකාර විසඳුම් මඟින් ජනතාව සවිබල ගැන්වීම සම්බන්ධයෙන් සමාගම සතු සමාජ වගකීම් දැක්මේ සුවිශේෂී පියවරක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්දාව ගම්මානයේ සිදු කරන ලද මේ පර්යේෂණය හැඳින්විය හැකිය.

ගෝලීය වශයෙන් ‘ඉහළ සීනී මට්ටම විනාශ කරන්නා’ ලෙස හඳුන්වනු ලබන Gymnema sylvestre හි ගුණයද මුසු කරමින් මෙම මස්බැද්ද කැප්සියුල නිෂ්පාදනය කර තිබේ. සියවස් ගණනාවක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉහළ ස්ථානයක් දිනාගෙන ඇති මෙම ශාකය, රුධිරයේ ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලියට සහාය වීමේ අද්විතීය හැකියාවෙන් යුතුය. කැප්සියුල නිෂ්පාදනයට අවශ්‍ය මස්බැද්ද ශාක Ancient Nutraceuticals විසින් මාතලේ සිය ගොවිපොළ තුළම වගා කරන අතර එමඟින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කරයි.

You may also like

Leave a Comment