යූනියන් ඇෂුවරන්ස්, විශිෂ්ට නායකත්ව ගුණාංග සහ සිය අදාළ කාර්යභාරයන් ජයග්‍රාහි ලෙස ඉටු කිරීමට සේවකයන් සවිබල ගන්වන සේවා ස්ථාන සංස්කෘතියක් වැඩිදියුණු කිරීම සඳහා දක්වන සිය කැපවීම උදෙසා 4 වැනි වරටත් ඇගැයීමට ලක්ව ඇත. සේවක පිරිස සම්බන්ධයෙන් සමාගම අඛණ්ඩව සිදු කරන ආයෝජන සහ සැබෑ නායකත්වය ඔස්සේ අර්ථවත් ප්‍රගතිය පවත්වා ගැනීමට නිරතුරුව දක්වන අවධානය උදෙසා, 2024 වසරේ විශිෂ්ට කළමනාකරුවන් සඳහා වූ සම්මාන උලෙළ (Great Managers Awards 2024) මඟින් සමාගමට ඇගයුම් සැමරුම් පිරිනැමිණි.
CLA Coaching & Consulting Inc. විසින් පවත්වන ලද විශිෂ්ට කළමනාකරුවන් සඳහා වූ සම්මාන වැඩසටහන මඟින්, ව්‍යාපාර වර්ධනය මෙහෙයවීම, ආයතනික අරමුණු සමඟ තනි පුද්ගල දායකත්වය සමපාත කිරීම, වඩා ඉහළ කාර්යසාධනය සඳහා මඟපෙන්වීම, ඵලදායි කණ්ඩායම් ගොඩනැඟීම සහ නායකත්වයේ ඒකාග්‍රතාව රඳවාගැනීම ඇතුළු නිර්ණායක පහක් පුරා කළමනාකාරිත්ව නායකත්වයේ ඵලදායිතාව මැනීම සිදු කර තිබේ.