ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), අන්තර්ජාතික මූල්‍ය සංවිධානය (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව, ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 වැඩසටහන යටතේ ExpoScaleUp පළමු කණ්ඩායමේ අවසන් අදියර කොළඹදී සාර්ථකව පැවැත්විණි. මේ වැඩසටහන යුරෝපා සංගමයේ Accelerating Climate Smart and Inclusive Infrastructure in South Asia (ACSIIS) සහ EU Global Gateway Strategyහි කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.
ExpoScaleUp වැඩසටහනේ අරමුණ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) වෙළෙඳපොළ තොරතුරු ගවේෂණය, නිෂ්පාදන සංවර්ධනය, තත්ත්ව වැඩිදියුණු කිරීම, ධාරිතාව සංවර්ධනය, ඇසුරුම්කරණය, අලෙවිකරණය සහ වෙළෙඳ නාමකරණය වැනි ක්ෂේත්‍රවල විශේෂ පුහුණුව දී ඔවුන්ගේ අපනයන ධාරිතාව වැඩිදියුණු කිරීමයි.