DIMO වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම්වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙන යන ලදි. මේ මඟින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරගකාරි තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම සඳහා වසර 35කට අධික DATS ආයතනයේ කැප වීම මනාව පැහැදිලි වේ. Automobile mechatronics සිට Plant engineering දක්වා, DATS විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය මානව කුසලතා වර්ධනය කර ඇති අතර, එහි උපාධිධාරීන් සඳහා අන්තර්ජාතික රැකියා වෙළෙඳපොළ තුළ වඩාත් හොඳ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීමටද දායක වී ඇත. පෑලියගොඩ වෙත ස්ථාන මාරු කිරීම හරහා කාර්යක්‍ෂම සහ වැඩි පිරිසකට පුහුණුව ලබාදීමේ හැකියාව ලැබේ. DATS හරහා පිළිගත් ජර්මානු වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් සම්පූර්ණ කිරීම මඟින් ජර්මනිය ඇතුළු තවත් රටවල රැකියා සඳහා HomeServe Germany සහ MAN වැනි සමාගම් DATS සමඟ හවුල්කාරිත්වයන්ටද එළඹ තිබේ.
DIMO – DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට
49