Home » ජාතික විකුණුම් සම්මාන (NSA-2025) ඇරැඹේ

ජාතික විකුණුම් සම්මාන (NSA-2025) ඇරැඹේ

by Mahesh Lakehouse
June 14, 2025 12:30 am 0 comment

අලෙවිකරුවන් සඳහා වූ ජාතික ආයතනය ලෙස 1970 වසරේ ආරම්භ කළ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හෙවත් SLIM විසින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ මනා කැපවීමක් සහ වෘත්තීය හැකියාවක් ප්‍රදර්ශනය කළ අලෙවිකරුවන් ඇගයීම සඳහා ජාතික අලෙවි සම්මාන රාත්‍රිය 2025 (NSA 2025) සංවිධානය කර තිබේ. මෙවර මෙම සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ ‘ ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා පිටුබලය ලබාදෙන අලෙවිකරුවන්’ යන තේමාව මුල් කර ගනිමිනි. මේ පිළිබඳ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත පැවසූයේ,

“සැබෑ විකුණුම් විශිෂ්ටත්වය සඳහා, අර්ථවත් වටිනාකමක් සේවාදායකයන් වෙනුවෙන් නිර්මාණය කිරීම, ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතාවන් මැනවින් අවබෝධ කර ගැනීම, ව්‍යාපාරික කටයුතු සදාචාරාත්මක ලෙස පවත්වා ගැනීම සහ දිගු කාලීන හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම වැනි කරුණු රාශියක් මෙහිදී සලකා බැලෙනවා. අපේ රටේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ නියැළී සිටින වෘත්තිකයන්ට තිරසර ව්‍යාපාර වර්ධනයක් සහිතව විශිෂ්ටත්වය කරා ළඟා වීමට සුවිශේෂී වේදිකාවක් ජාතික විකුණුම් සම්මාන මඟින් සපයනවා…”

ඡායාරූපය -සුදත් මලවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division