ජුනි 2 වැනිදා පෝලන්ත රාජ්‍ය මැතිවරණ කොමිසම දක්ෂිණාංශික කොන්සවේටිව් අපේක්ෂක, ඉතිහාසඥයකු වූ කැරොල් නැව්රොකී පෝලන්ත රාජ්‍යයේ ජනපති ලෙස තේරී පත් වූ පුවත නිවේදනය කළ බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළේය.
කොන්සවේටිව් අපේක්ෂක කැරොල් නැව්රොකී හා ඔහුගේ ප්‍රතිවාදි ජනපති අපේක්ෂක වූ ලිබරල් පාක්ෂික නගරාධිපති රෆාල් ට්‍රසකොවුස්කි අතර ඉතා තියුණු තරගයක් පැවති අතර, අපේක්ෂකයන් දෙදෙනා අතර පැවතියේ පටු ඡන්ද ප්‍රතිශත වෙනසකි. ජනපති කැරොල් නැව්රොකි 50.9%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගනිද්දී ප්‍රතිවාදි අපේක්ෂක නගරාධිපති රෆාල්ද 49.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් බොහෝ ආසන්නයට පැමිණ තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කැරොල් නැව්රොකීගේ දේශපාලන භූමිකාව
පෝලන්ත නව ජනපති කැරොල් නැව්රොකී ඉතා ඉහළින් සාම්ප්‍රදායානුකූල කතෝලික ආගමික වටිනාකම් අගයන්නකු ලෙස විස්තර වී ඇත. එමෙන්ම යුරෝපීය සංගමය තුළ පෝලන්ත ස්වෛරීත්වය සුරක්ෂිත කරලීම උදෙසා සුවිශාල වූ සහයෝගයක් දෙන තැනැත්තකු ලෙසද ප්‍රචලිතව ඇත. ප්‍රතිවාදි අපේක්ෂක වූ නගරාධිපති රෆාල් යුරෝපා සංගමයට බොහෝ හිතවාදි අයකු ලෙස විස්තර වී තිබිණි.
පෝලන්ත ව්‍යවස්ථාව තුළ ජනපති පදවිය ප්‍රමුඛ කොටම චාරිත්‍රානුකූල භූමිකාවක් ලෙස නිරූපණය වන කල අප අවධානයට ලක් කළ යුතු කරුණ වන්නේ, පෝලන්ත ජනපතිවරයාට ව්‍යවස්ථාදායකයට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කිරීමට හැකියාව පැවතීමයි. විදේශ ප්‍රතිපත්තිමය තීරණ හා ආරක්ෂාව සම්බන්ධයෙන් බලපෑම් කිරීමට පෝලන්ත ජනපතිවරයාට ඇත්තේ සීමාසහිත බලයකි. එහෙත් පෝලන්තයේ ඉදිරි වසර 5කට ජනපති ධුරය හොබවන තැනැත්තා ලෙස පෝලන්ත දේශපාලන භූමිකාවට ඔහු වෙතින් වන දායකත්වය අගනා බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
පෝලන්තය නව ජනපති යටතේ පූර්ව මැතිවරණයකට යයිද?
2027 (ගිම්හාන) ඍතුවේදී පෝලන්තය ස්වකීය මැතිවරණයකට යෑමට දින නියම වී ඇත. එහෙත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, ව්‍යවස්ථානුකූලව, පවතින රජයට මැතිවරණයක් අවශ්‍ය නැති නම්, මැතිවරණයක් කලින් පැවැත්වීම දුෂ්කර බවයි. එහෙත් පවතින රජය දිගින් දිගටම පරාජයට පත්වන්නේ නම්, එවැනි විටක පූර්ව මැතිවරණයකට යෑමේ අවශ්‍යතාව ඉස්මතු වීමට හැකියාවක් පවතින බවයි. එබැවින්, අගමැති ටස්ක්ගේ රජයට පෝලන්ත පාර්ලිමේන්තුවේ බහුතරය පවතින හෙයින් ඔවුන්ට 2027 ගිම්හානය තෙක් බලයේ රැඳී සිටීමට ගැටලුවක් නැති බව පැහැදිලිව විස්තර වන තත්ත්වයකි.
ජනපති නව්රොකීගේ සමාජීය ප්‍රතිපත්ති
ජනපති නව්රොකී දේශපාලන භූමිකාව තුළ මෙන්ම ඇගයුම් අතින්ද සාඩම්බර පෝලන්ත දේශ හිතෛෂී පුද්ගලයකු ලෙස පිළිගත් චරිතයකි. මොහු කොන්සවේටිව් කතෝලික ආගමිකයකු වන අතරම නීතිවිරෝධි
සංක්‍රමණයට, විරුද්ධ අයෙකි. පෝලන්ත රජයේ ගබ්සාවන් උදෙසා පනවා තිබූ දරදඬු නීතිමය රාමුව ලිහිල් කිරීම පිළිබඳවද ජනපති නව්රොකී ප්‍රසාදය පළ කර නැති බව වාර්තා වේ.
අනෙක් අතින් ජනපති නව්රොකී ඔහුගේ ජනපතිවරණ ඡන්ද ව්‍යාපාරය තුළ එක් කළ පොරොන්දු අතර තිබූ ප්‍රමුඛතම පොරොන්දුවක් ලෙස විග්‍රහ වී ඇත්තේ, පෝලන්ත වැසියන්ට හිතවාදි අයුරින් ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති තහවුරු කරන බවයි. මින් ඉතා මැනවින් ප්‍රකාශිත
අදහසක් නම් අසල්වැසි යුක්ක්‍රේන රාජ්‍යයෙන් පෝලන්තයට පැමිණෙන්නා වූ සරණාගත පිරිස් පිළිබඳ කටයුතු කිරීමේදී හා ඔවුන් අරබයා සැලසුම් සකස් කිරීමේ දී පෝලන්ත වැසියන්ගේ අවශ්‍යතාවන් උදෙසා කිසිදු ලෙසකිණ ඉන් බලපෑමක් නොවන බව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ජනපති නව්රොකී යුක්ක්‍රේනයට අවශ්‍ය හමුදාමය හා මානුෂීයවාදී සහාය දිගින් දිගටම සලසාදීම ඉදිරියටත් කරගෙන යෑම එලෙසම පවතින බවද වාර්තා වී ඇත.
එහෙත් මේ සියලු තත්ත්වයන් තුළ ජනපති නව්රොකි පෝලන්ත ආරක්ෂාව යන සාධකය ඉතා ඉහළින්ම ස්වකීය න්‍යායපත්‍රයට ඇතුළත් කරගනු ලබන රාජ්‍ය නායකයකු ලෙස පෝලන්ත වැසියන් අතරත් ගෝලීය තලයේත් ප්‍රචලිතය. ජනපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ ජනපති නව්රොකී පොරොන්දු ගණනාවක් ජනතාවට දුන් අයකු නොවන අතර, ඒ වෙනුවට ඔහුට සහාය පළ කරන පිරිසට දන්වා ඇත්තේ, පෝලන්තය දේශ හිතෛෂි කඳවුරක් බවට පත් කිරීමට ඒකීයත්වයක්, සම්පාදනය කිරීමට තමන්ට අවශ්‍ය බවයි.