Home » ෂූෂූ… බොරු ෂෝ

ෂූෂූ… බොරු ෂෝ

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

හුගිය මාස හත-අටේ අපේ රටේ ඡන්ද දෙක-තුනක්ම තිබ්බා නේ… ඒවා ඉතින් සාමෙන් සමගියෙන් කෙළවර වෙලා ප්‍රතිඵල භුක්ති වින්දා නේ… මෙන්න ඒකටත් එක්ක ඡන්ද! මේව හරියට අර අපේ රටේ 82-83 කාලෙ තිබුණ ඡන්ද වගේ. මතක ඇති නේ… ඒ කොහොම වුණත් ඒවා ගැන නොදන්න අයට අලුතෙන් කියල දෙන්න, මේවා හොඳ ආදර්ශවත් කතාත් නොවෙයි හොඳේ…

ඒ නිසා අපේ ටොපික් එකට බහිමුකො. මේ ඡන්ද ඇවිල්ල අර අවුරුදු 2කට වරක්, අවුරුදු 4කට වරක් තියෙන ජාතියෙ ඒවා. මේ අර අපේ රටේ දුවන පනින ගේම්ස් හැන්ඩ්ල් කරන අය ඉලෙක්ට් කරගන්න තියෙන ඡන්ද. තවත් විදියකින් කිවුවොත්: අර ස්පෝට්ස් බොඩීස්වලට ලොකු ලොක්කො පත් කරගන්න ඡන්ද. මොකද කාරණේ කියන්නෙ: අන්න එහෙම දන්න සිංහලෙන් කිවුවම තේරෙනවා නේ!

අම්මෝ අපේ රටේ ස්පෝටස් ඩිවලොප් කරන්න ඒකට කැප වෙලා වැඩ කරන්න කට්ටියට මාර උණක්නෙ තියෙන්නෙ! ශ්‍රී ලංකාව කියන්නෙ ඒ අතින් මාර විදියට ඉස්සරහින් ඉන්න රටක්. රට වෙනුවෙන් කියල මහ පුටුවලට එන්න ට්‍රයි කරන කාලයක් මේක.

කට්ටිය එහෙට දුවනවා – මෙහේට දුවනවා… ටොරිංටන් මහගෙදරට දුවනවා… ෂූ ෂූ… ගාලා කට්ටිය බිසී. සමහරුන්ගෙ අතේ පෙත්සම්, කම්ප්ලේන්ස් වගේ දේවල්. සමහර වෙලාවට මහගෙදරට දිවුවත් වැඩක් නැති වෙලාවලුත් තියනවා. මොකද කාරණේ කියන්නෙ: හේතුව, ලොක්ක දන්න දේකුත් නැහැ; නොදන්න දේකුත් නැහැ. වටේ ඉන්න අය ලොක්ක අන්දලා, ඔවුන්ගෙ ගේම ගහනවා.

අනේ ඉතින් ඕව මේව දැක දැක, කල්පනා කර කර, ආපහු ගෙදර එන්න හිතාගෙන කොළඹ හතේ බස් හෝල්ට් එකකට යන කොට එතැන ලේඩි කෙනෙකුත් එක්ක ස්පෝටි කෙල්ලො සෙට් එකකුත් හිටියා. නිකම්ම නෙවෙයි; පොඩි පහේ මීටිං සීන් එකකුත් තිබුණා. ම්ම්… පොඩ්ඩක් කන දීල බැලුවමයි මට තේරුණේ එයාල දැලේ පටලැවිච්ච සෙට් එකක් කියලා.

“අපිට ෆෙඩරේෂන් එක නැති නිසා මැඩම්, කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ. මහගෙදර ඉන්න එවුන්ගෙ ගේම් නිසයි අපිට මේ කල ගියේ.” “එහෙමම කියන්න එපා ළමයිනේ… අපේ මැඩම්ලගේ සෙල්ලම්වල ප්‍රතිඵල නිසා තමයි ඔය ළමයිනුත් දුක් විඳින්නෙ.” “හරි මිස් එහෙම වැරැද්දක් වෙල තියෙනවා කියමුකො… ඒකට ඉක්මන් සොලියුෂන් එකක් දීලා, ඉක්මනට ඡන්දෙ තියන්න මහගෙදර ලොක්කො දැනගන්න ඕනැ නේ. එහෙම නොකර ඡන්දෙ කල් දාලා, ෆෙඩරේෂන් එකට සීල් තියල තිබ්බම හරිද? බලන්න අපිට එක නීතියක් අර කීර්තිමත් ෂූෂූ එකට තව නීතියක්,” කියාගෙන කට්ටිය හොට් හොට් කන්වසේෂන් එකක්.

“මොකක්ද ඒ ෂූෂූ කතාව ළමයො?” ඒ සෙට් එකේ හිටපු ලේඩි අර ළමයගෙන් ඇහැවුවා විතරයි, “ඇයි මිස් දන්නෙ නැද්ද ඔය ෂුෂූ ෆෙඩරේෂන් එකේ ඡන්දෙයි ඒජීඑම් එකයි තියන්න තිබුණෙ පහුගිය 20 වැනිදා. ඔය ෂූෂූ එකේ කලක් තිස්සෙ ඉඳන් තියෙන හොර වැඩ ගැන ඒකෙම ඉන්න ඉස්කෝලෙ සෙට් එකක් පෙත්සමක් ගහල. ඒ නිසා ඉලෙක්ෂන් සස්පෙන්ඩ් කරලා, ඒ කරපු කම්ප්ලේන්ස් ගැන හොයන්න කමිටියකුත් දාලලු. ඒ හොයන කමිටියෙ ඉන්න තුන්දෙනාම මහගෙදර අයලු.” “නියමෙට තියෙයි! හොරාගෙ අම්මගෙන් පේන ඇහැවුව වගේ ඇති!” කියල ඒ ගැන්සියෙ ලේඩි කිවුවාම: “ඔව් මිස්, අර ෂූෂූ මෑන් එහේ කට්ටිය හොඳට අන්දං ඉන්නෙ. අනෙක, ඔය කමිටිය ඒ ගැන ඉන්ක්වයරි කරන දිනයකුත් කියලා නැහැ. අපේ වගේ ෆෙඩරේෂන් සීල් කරලත් නැහැ. ඒකෙන්ම පේනවා බොරු ෂෝ කියල…” තව කෙල්ලක් පැනල දීපු උත්තරෙත් අහගෙනම මම බස් එකක නැඟලා ආවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division