කොළඹ මහනගර සභාවේ බලය අල්ලනවා කිවුවට, තවම නගරාධිපති නම් කරන්නත් බැරි වුණා නේද?
නගරාධිපති පත් කරන්නේ එස්එම්එස් ගහලා නොවෙයිනෙ. ඒකට යම් ක්‍රියාපටිපාටියක් තියෙනවා. නගරාධිපති නම් කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒ සභාවට පත් වෙලා ඉන්න සභිකයෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මන්ත්‍රීවරුන්ගේ දැනුම්වත්භාවයෙන් කරන දෙයක් මිසක පත්තරවල දාලා ටීවීවල දාලා මනාපය අහන දෙයක් නොවෙයි. ඒ නිසා නගරාධිපති කවුද කියලා ප්‍රසිද්ධියේ කියන්න අපට අවශ්‍යතාවක් නැහැ.
ඔබ එහෙම කිවුවට ඔබේ පක්ෂයෙන් ඉදිරිපත් කරපු නගරාධිපති අපේක්ෂකයා පරාජයට පත් වුණේ ජාජබලයෙන් පත් වුණ තරුණ අපේක්ෂිකාවට නේද?
අපේ නගරාධිපති අපේක්ෂකතුමාට කොට්ඨාසය ජයග්‍රහණය කරන්න බැරි වුණාට, පොදුවේ ගත්තාම අපි විපක්ෂයක් ලෙස විශාල ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගෙන තියෙනවා. කොට්ඨාසය ජයග්‍රහණය කරන්න බැරිවුණ නිසා නගරාධිපති අපේකෂකයා වෙන්න ඔහුගේ ඉල්ලීමක් තිබුණෙත් නැහැ. ඒක සම්ප්‍රදායට පටහැනියි කියලා ඔහු දන්නවා. ඒ නිසා පක්ෂය විසින් තීරණය කළා ජයග්‍රහණය කරපු කෙනෙක් නම් කරන්න.
රනිල් වික්‍රමසිංහ නායකයා කරගෙන ඉදිරියට යන්න හිටපු සජබ, පොහොට්ටුව ආදි සියලු පක්ෂ එකතු වෙලා කරගෙන ගිය සාකච්ඡාවලට මොකද වුණේ?
අපි කාවවත් නායකයා කරගෙනවත් කාවවත් ඉවත් කරගෙනවත් එකතු කරගෙනවත් සාකච්ඡා කරගෙන ගියේ නැහැ. කොළඹ නගර සභාව ඇතුළු ආණ්ඩුවට සියයට පනහක් නැති නගර සභා විශාල සංඛ්‍යාවක් තියෙනවා. පළාත් පාලන නිතීය අනුව ඒ සභාවල නගරාධිපතිවරු සභාපතිවරු පත් කරන්නේ ඡන්දයෙන් තමයි. ඒ නිසා අපි ඒ අයට කියලා තියෙනවා, පළාත් පාලන නීතිය අනුව අපි ඉදිරිපත් කරන අපේක්ෂකයන්ට සහයෝගය දෙන්න කියලා.
විපක්ෂයේ සියලු දෙනාම පළාත් පාලන ආයතනවල බලය අල්ලන්න කියලා එකම බෝට්ටුවකට නැග්ගා නේද?
එහෙම එකම බෝට්ටුවක නැඟලා නැහැ. ඒක ආණ්ඩුවේ බොරුවලින් තවත් බොරුවක්. පළාත් පාලන ආයතනවල විපක්ෂය කියලා එකක් නැහැ. ආණ්ඩු පක්ෂය, විපක්ෂය එකටයි ඉන්න ඕනෑ. අවශ්‍ය වන්නේ සභාව ගෙනියන්න පුළුවන් කෙනෙක් ඡන්දය විමසීමේදී පත් වීමයි. ඒක තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. සභාව කරන්න පුළුවන්, ජනතාවගේ කැමැත්ත තියෙන කෙනකු පත් කරන්න අවශ්‍යයි. සමහර විට ඒකට ආණ්ඩුවේ අයත් සහයෝගය දෙයි.
ආණ්ඩුවට ජන බලය ලැබුණේ අවුරුදු පහකට. මාස හයෙන් සියල්ල කළේ නෑ කියලා බණින එක අසාධාරණයි නේද?
මාස හයකට මේ ආණ්ඩුව අනාගත්ත ප්‍රමාණය මදිද? ඡන්ද විසිතුන් ලක්ෂයක් දැනටමත් නැති කරගෙන ඉන්නවා. හැම තැනම ප්‍රශ්න විසඳගන්න බැරි තරම් ප්‍රශ්න. ස්ථානගත කිරීම් අන්තිමයි. එයාලම දාපු සභාපතිවරුත් ඉවත් වෙනවා. හැමදාම ජවිපෙ කළේ බොරුව රජ කරවපු එකයි. කථානායකගේ සහතිකේට වෙච්ච දෙයක් නැහැ. පැලවත්ත සීනි කම්හලේ ප්‍රධාන නිලධාරියෙකුත් ඉවත් වුණා. ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස් වුණා. අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා මාස හයක් යන කොට ජනතාවට එපා වුණා නම්, තනතුරුවලට පත් වුණ අයත් ඉවත් වෙනවා ඒක අනාගැනීමක් නෙවෙයිද? රිළා ප්‍රශ්නෙට වඩා දැන් මේ අය ඊළඟට අනාගන්නේ කොවිඩ් ප්‍රශ්නය. මේ අය තවම ඒ ගැන නිසි පියවරක් අරගෙන නැහැ. තවම මන්දගාමි තත්ත්වයක ආණ්ඩුව ඉන්නේ. පත්කිරීම් විතරයි කරන්නේ. පත්වීම් කර කර පරණ කතාවලට බැණ බැණ ඉන්නවා. හොරු අල්ලනවා කියලා මාධ්‍ය සන්දර්ශන කරනවා. එයාලගේ ආණ්ඩුව ආව ගමන් දුසිම් පිටින් ඇතුළට දානවා කිවුවට මුකුත් වෙලා නැහැ. සියල්ල සන්දර්ශන බවට පත් වෙලා. ජනධිපතිවරණ, මැතිවරණ වේදිකාවේ දුන්නු පොරොන්දු කෝ? එක පෑන් පාරින් කරනවා කිවුව දේවල් කෝ කියලයි අප අහන්නේ. ඒ අයමයි කිවුවේ ආණ්ඩුව ආව ගමන් සියල්ල සිදු කරනවා කියලා. පරණ තැටිය හැමදාම රත් කරන්න බැහැ. හැමදාම මිනිස්සු ඔය බොරු අහන්නේ නෑ. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ජනතාවට ජීවත් වෙන්න බෑ. ඒ බර එයාලගේ ආණ්ඩුව ආව ගමන් සැහැල්ලු කරනවා කියලා එයාලමයි කිවුවේ. ඒත් තවමත් හැම භාණ්ඩයකම මිල ඉහළයි, ආදායම අඩුයි. ජනතාවට දීපු එක පොරොන්දුවක්වත් ඉටු කරන්න බැරි තත්ත්වයකට අද ඒ අය වැටිලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ මාස හය තුළ විශාල ලෙස අසාර්ථක වූ ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා.
සජබ කියපු සමහර බොරු අතේ පත්තු වෙනවා නේද? දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සමාවත් ගත්තා නේ…
සජබ නායකයෝ කවුරුත් බොරු කිවුවෙ නෑ. දයාසිරි ජයසේකර ඔහුට ලැබුණු වැරදි තොරතුරක් සම්බන්ධයෙන් කියපු කාරණයක් සම්බන්ධයෙන් නිවැරදි කළා. ඒක සමාව ගැනීමක් මිස, වෙනත් දෙයක් නෙවෙයි. එහෙත් ආණ්ඩුවේ ලොක්කෝ සියලු දෙනාම කිවුවේ බොරු නේ. ජනාධිපතිවරයාගේ ඉඳලම තවමත් බොරු කියන එක නවත්තලා නැහැ නේ. ඔවුන් ඒවා නිවැරදි කරගන්නෙත් නැහැ.
ඒත් සජබ අයත් බොරු කියනවා කියලා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ සමාව ගැනිල්ලෙන් පැහැදිලි වෙනවා නේද?
ජවිපෙ එක්ක මඩ ගහන්න පුළුවන් පක්ෂයක් මේ රටේ නැහැ. ඒ කියන්නේ බොරු කියලා, මඩ ගහලා, ජනතාව කුපිත කරලා, ඒ කරන දේ හැකියාව තියෙන්නේ ඔවුන්ට විතරයි. වෙනත් කාටවත් හැකියාවක් නැහැ. ජවිපෙ එක්ක බොරු කීමේ තරගයට ගියොත් අපි පරාදයි. ඒ නිසා අප බොරු කීමේ තරගයට යන්නේ නැහැ. අප පුළුවන් තරම් ජනතාවට ඇත්ත කියන්න උත්සාහ කරනවා. ඒ අයගේ බොරු පිළිගන්නවාද නැද්ද කියලා ජනතාව තේරුම්ගත යුතුයි.
ජනතාවට කියන්න ස්ථිර ප්‍රතිපත්තියක් සජබට නෑ. එහෙම පක්ෂයකට ඉදිරි ගමනක් තිබෙනවාද?
ඒකත් ආණ්ඩුව ප්‍රචාරය කරන තවත් බොරු කතාවක්. පළාත් පාලන මැතිවරණයකදී එජාප සජබ එකට වැඩ කරන්න පුළුවන්ද කියලා සාකච්ඡාවක් ගියා. ඒ ගියේ සමගි ජන සන්ධාන බලවේගයට එජාපය ඇතුළත් කරගන්නයි. ඒ සාකච්ඡාව තවමත් තිබෙනවා. ඒ අදහස් අප තවම අත්හැර නෑ. අප එජාපයට යනවද? අප ඒ අයට එකතු වෙනවද? කියන දේ කියන දේ නොවෙයි, එතැනදි අනෙක් දේශපාලන පක්ෂ සමඟ අප සන්ධානගත වෙලා තිබෙන එකට අප එජාපයත් එකතු කරගන්නවා. කොහොමටත් අප ඒ අය ළඟටවත්, ඒ අය අප ළඟටවත් එන්නේ නැහැ. ඒ නිසා කලබල වන්න අවශ්‍ය නැහැ. අප ඉදිරියේදී අපේ ඉදිරි ආර්ථික සැලසුම් වැඩසටහන් එක්ක එකතු වෙන්න පුළුවන් පිරිස් එකතු කරගෙන මේ ගමන යනවා.
සජබ ඇතැම් මන්ත්‍රීවරුන් එජාපයට එකතු වෙන්න ඇඟිලි ගනිමින් ඉන්නවා කියලා කියනවා. සජබ, රනිල් එක්ක සාකච්ඡා පවත්වන්නේ සජිත් ප්‍රේමදාස හලන කුමන්ත්‍රණයකටද?
අප සාකච්ඡා කරන්නේ හොරෙන් නොවෙයි, එළිපිටයි. ඇයි අපි හොරෙන් කරන්නේ? නිල වශයෙන් කරන දෙයක් අප කරන්නේ. මේ අපට මඩ ගහන්න ප්‍රවෘත්ති මවන්න කරන දේවල්. අපට එහෙම දෙයක් නැහැ. පක්ෂයේ මන්ත්‍රීවරුන් කවුරුත් එහෙම හොර සාකච්ඡා පවත්වලා නෑ.
අපේ දේශපාලන ප්‍රතිපත්ති සහ අප දරන අදහස්වලට පිටින් ඉන්න අය සමඟ අප දේශපාලන සන්ධානගත වීම්වලට යන්නේ නෑ. තවම අප ඒ අදහසින් ඉන්නේ. ප්‍රාදේශීය සභාවල බහුතර බලයක් ඉන්න තැන්වල සජබ අපෙක්ෂකයන් ඉදිරිපත් කරනවා. ඒකට අනෙක් පක්ෂත් සහය දෙයි. පළාත් පාලන ආයතන කියන්නේ ගමේ යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් දේවල් සංවර්ධනය කරන්න හදපු ආයතනයක්. එහිදී ලෝක බැංකුවට යනවාද? අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යනවාද කියන දේවල් ගැන සාකච්ඡා කරන්නේ නෑ, ගමේ දේවල් ගැනයි කතා කරන්නේ. අපේ කෙනෙක් පත් කරනවාද? වෙන කෙනෙක් පත් කරනවාද? කියලා නෙවෙයි කතා කරන්නේ; ගමේ දියුණුවට අවශ්‍ය දේවල්වලට සහය දෙන්නයි අවශ්‍ය වෙන්නෙ.
සජබ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්නේ නැහැ කියලා දැනගෙන පරාජය අතේ තියාගෙන නේද මේ මැච් එක ගැහුවේ?
පරාජය අතේ තියාගෙන නොවෙයි අපි මේ දේ කළේ. ආණ්ඩුව මේ රටේ මහමැතිවරණයෙන් බහුතර ඡන්දයක් අරන් තිබෙද්දිත් ඉතා කෙටි කාලයකදී තමන්ගේ ඡන්ද විසිතුන් ලක්ෂයක් අඩු කරගෙන තියෙනවා. ඒ ගැනයි කතා කරන්න අවශ්‍ය.
ඒත් මේ සැරේ පළාත් පාලන මැතිවරණයේදී සජබයත් ඡන්ද අඩු කරගෙන නේද?
ආණ්ඩුව මාස හයක් වැනි කාලයක් තුළ විසිතුන් ලක්ෂයකට එයාලගේ ඡන්ද අඩු කරගෙන තියෙනවා. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් කවදාවත් මේ විදිහට පරිහානියට පත් වෙලා නැහැ. මාස හයක කාලයක් තුළ මෙච්චර ඡන්දය අඩු කරගැනීම, ජනතාවගේ අප්‍රසාදයට පත් වීම ඉතා පුදුමසහගතයි. හරි නම් මේක කසාදයක හනිමූන් කාලය වගේ. මේ මාස හය හොඳම කාලයයි. ආණ්ඩුව හනිමූන් එකේ හොඳම කාලය ඇනගත්තා කියලා තමයි අපට කියන්න තියෙන්නේ.
මේ අවුරුද්ද අන්තිම වෙනකොට ආණ්ඩුව සෑහෙන පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට ජනාධිපතිවරයා බණිනවා. රාජ්‍ය සේවකයන් ආණ්ඩුවට සහය දෙන්නේ නැහැ කියලා ඔවුන්ට ඇමැතිවරුන් බණිනවා. ඒ කියන්නේ මේ අය විශ්වාසය අඩාළ කරගෙන ඉවරයි. ආණ්ඩුවට ජනතා විශ්වාසය තියාගන්න බැරි වුණේ අත්දැකීම් නැති නිසයි.
විපක්ෂය මොන තරම් චෝදනා කළත් ආණ්ඩුවට දුෂණ වංචා චෝදනා නැහැ නේද?
ආණ්ඩුවට මේ මාස හයට චෝදනා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ලබන මාසයේ මේ ගිණුම් වර්ෂය ඉවර වුණාට පස්සේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල සහ ආයතනවල විගණනයක් පටන් ගන්නවා. ඒ නිසාද දන්නේ නෑ මේ අය විගණකාධිපති කෙනෙක් වැට පන්නලා ගෙනල්ලා පත් කරන්න හදන්නෙ. ආණ්ඩුවේ අයට ඕනෑ ඒ අයගේ අයව දාගන්නයි. ආණ්ඩුවට එල්ල වෙලා තියෙන චෝදනා යටපත් කරන්න ඕනෑ නිසාද එහෙම වැට පන්නලා තමන්ගේ අය තනතුරුවලට දාගන්න හදන්නේ කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා.