Home » අපරාධකරුවන් හඳුනාගන්න AI තාක්ෂණය

අපරාධකරුවන් හඳුනාගන්න AI තාක්ෂණය

by Mahesh Lakehouse
June 7, 2025 12:34 am 0 comment
දීපාල් සමරසේකර

අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා AI තාක්ෂණය උපයෝගි කරගෙන ඔවුන්ගේ මුහුණේ ඡායාරූප නිර්මාණය කිරීමේ වැඩසටහන මේ වන විට සාර්ථක වී ඇතැයි කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර සිළුමිණට කීය.

අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පීන් විසින් අපරාධකරුවන්ගේ රූප විස්තර ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද චිත්‍ර AI තාක්ෂණය මඟින් වැඩිදියුණු කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය. AI තාක්ෂණය ඔස්සේ එලෙස මේ වන විට අපරාධකරුවන්ගේ ඡායාරූප 5ක් නිර්මාණය කර ඇති අතර, එම ඡායාරූප ආශ්‍රයෙන් අපරාධකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division