ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බහුල වශයෙන් මහත් පීඩාවට පත්ව ඇති බව පසුගිය කාලයේ තොරතුරු වාර්තා වී තිබිණි.
මේ කරුණු සලකා බලමින්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අනුකමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විමර්ශනය කර, සුදුසු පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මේ අනුකමිටුව පත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.