මෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බැවින් පාසල් පරිශ්‍රවල රෝග නිවාරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත. මේ පිළිබඳව නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවට අනුව, සියලු පාසල් පරිශ්‍ර මදුරුවන් බෝ නොවන ලෙස ආරක්ෂිතව පවත්වා ගැනීමට පියවර ගත යුතු බවත්, පාසල් අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ. මෙම උපදෙස්වලට අනුව, අවදානම් සහිත ස්ථාන පවිත්‍ර කිරීම සඳහා පළාත් පාලන ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වැනි අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහාය ලබාගැනීම ද වැදගත් වන අතර, පාසල් පරිශ්‍රයට ප්ලාස්ටික්, පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වැළකීමට සිසුන් හා කාර්ය මණ්ඩලය දැනුවත් කළ යුතු බව සඳහන් කර ඇත.
පාසල් පරිශ්‍ර පිරිසුදු කරන්න විශේෂ වැඩපිළිවෙළක්
373
previous post