පොසොන් පුන් පොහෝ දින අනුරාධපුරය හා මිහින්තලය අතර දුම්රිය ධාවනය කිරීමේදී එම දුම්රියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් පෞද්ගලික ආයතනයකින් මුදල් ගෙවීමට එකඟ වී ඇති හෙයින් ඒ වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පිරිවැයක් දැරීමට සිදු නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොළගේ සිළුමිණට කීය.
පොසොන් සමයේ අනුරාධපුරය සහ මිහින්තලය අතර ගමන් වාර 36ක් යෙදවීමට පියවර ගෙන ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. අනුරාධපුරය දක්වා දිනපතා ධාවනය කරනු ලබන දුම්රියයන්ට අමතරව විශේෂ දුම්රිය බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට ධාවනයට එක් කරනු ලබන බවද ඔහු පැවසීය.