දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් 76,292ක් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් වාර්තා භාර දී ඇති බවත්, අපේක්ෂකයන් 2,433ක් මේ දක්වා එම වාර්තා භාර දී නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සිළුමිණට පැවසීය.
2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ඉකුත් ජනාධිපතිවරණයේදී පළමු වරට ක්‍රියාත්මක වූ අතර, මැයි මස පැවති 2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයන්ට දී තිබූ කාලය ඉකුත් මැයි 27 වැනිදායින් අවසන් විය.