දුම්රිය වර්ණ සංඥා පද්ධතිය සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් වහා අවධානය යොමු කළ යුතු බවත්, එසේ නොකළ හොත් මගීන්ගේ, දුම්රිය කාර්ය මණ්ඩලයේ දේපළවලත් ආරක්ෂාව වෙනුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් වැළකීමට සිදු විය හැකි බව දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් යූනියන්හි සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ සිළුමිණට කීය.
වසර ගණනාවක් තිස්සේ දුම්රිය බලධාරීන්ට මේ සම්බන්ධයෙන් පෙන්වා දුන්නද ඊට විසඳුමක් ලැබී නැති බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය බ්‍රහස්පතින්දා පාණදුර හා මොරටුව දුම්රිය ස්ථාන අතර අංක 171 දරන ස්වයංක්‍රීය දුම්රිය වර්ණ සංඥාවේ ඉදිරියෙන් දුම්රියක් නවතා ඇති විටදී පසුපසින් පැමිණි දුම්රියට කිසිදු බාධාවක් නැතිව ඉදිරියට ගමන් කළ හැකි බව දැක්වෙන සංඥාව නිකුත් වී තිබීම ඉතා භයානක බව ඔහු පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දන්වා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
දුම්රිය රියැදුරාගේ දක්ෂතාව නිසා මේ විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව පැවසූ කොන්තසිංහ මහතා වංගු සහිත ස්ථානයක මේ සිදු වීම වූයේ නම් බිහිසුණු තත්ත්වයක් ඇති වන බවද ඔහු පෙන්වා දුන්නේය.