Home » The Technocity සමාගම Computex Taipei – 2025ට එක් වේ

The Technocity සමාගම Computex Taipei – 2025ට එක් වේ

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

තොරතුරු තාක්ෂණය බෙදාහැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ (The Technocity Pvt Ltd) ඉහළ කළමනාකාරිත්වය පසු ගිය දා තායිවානයේ, තායිපේහි පැවැති Computex Taipei – 2025 නවීන පරිගණක හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේදී උපායමාර්ගික සංචාරයක යෙදිණි. Computex Taipei යනු, සෑම වසරකම තායිවානයේ පැවැත්වෙන ලොව ප්‍රමුඛතම තාක්ෂණික B2B වෙළෙඳ ප්‍රදර්ශනයකි. සෑම වසරකම ප්‍රදර්ශකයන් 1,600කට අධික සංඛ්‍යාවක් සහ වෘත්තීයවේදීන් 40,000කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගි වෙති. මෙය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ වර්තමාන ගෝලීය ප්‍රවණතා සමඟ සමාගමේ වර්ධනයට ගැළපෙන පරිදි සැලසුම් කිරීමේ තවත් ඉදිරි පියවරකි. මේ සංචාරයට ටෙක්නොසිටි සභාපති ෆැමි ඉස්මයිල්, ප්‍රධාන විධායක නිලධාරී අක්‍රම් බදුර්දීන්, බෙදාහැරීමේ අධ්‍යක්ෂ ගෙහාන් තංගප්පන් සහ අධ්‍යක්ෂ Gaming & Components, මොහොමඩ් කදීර් යන කණ්ඩායම එක් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division