Home » HNB සහ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමට ඩිජිටල් ගෙවීම් හඳුන්වා දෙයි

HNB සහ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමට ඩිජිටල් ගෙවීම් හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිල දී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ අනුව පාරිභෝගිකයන්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයන්, අලෙවිකරුවන් සහ සේවා ස්ථානවල ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් සහ LankaQR භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැකිය. 2025 අප්‍රේල් මාසයේදී අත්සන් කරන ලද මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ආරක්ෂිත, real-time ගනුදෙනු හරහා ඩිජිටල් පහසුව වැඩි දියුණු කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමයි. මේ හවුල්කාරිත්වය යටතේ HNB විසින් ලිට්‍රෝ නියෝජිතයින්ට සහ අලෙවිකරුවන්ට POS යන්ත්‍ර ලබා දෙන අතර මෙමඟින් පාරිභෝගිකයන්ට කාඩ්පත් හෝ LankaQR සමඟ අනුකූල apps භාවිත කර පහසුවෙන් ගෙවීම් සිදු කිරීමට ඉඩ සලසයි. මේ පියවර මඟින් දෛනික ගනුදෙනුවලදී ගෙවීම් ආරක්ෂිතව සහ නිරීක්ෂණය කිරීම පහසු කරවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division