Home » කොමර්ෂල් බැංකුවට සහ කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංගට සම්මාන

කොමර්ෂල් බැංකුවට සහ කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංගට සම්මාන

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා හොඳම බැංකුව ලෙසද එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග, හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසද ඒෂියන් බෑන්කර් (TAB) සඟරාව විසින් සෑම වසර තුනකටම වරක් පිරිනමන කීර්‌තිමත් සම්මාන දෙකක් කොමර්ෂල් බැංකුවට පිරිනමා ඇත. 2022-2024 කාල පරිච්ජේදය වෙනුවෙන් මේ සම්මාන පිරිනමන ලද්දේ, ආසියා ශාන්තිකර කලාපයේ මූල්‍ය සේවා කර්මාන්තයේ වෘත්තිකයන්ගේ විශාලතම වාර්ෂික රැස්වීම වන ආසියානු බැංකුකරුවන්ගේ සමුළුවේ 2025 සංස්කරණයට සමගාමිව ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති අතිඋත්කර්ෂවත් ඒෂියන් බෑන්කර් ගෝලීය නායකත්ව ජයග්‍රහණ සම්මාන උලෙළේදීය. ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරී සම්මානය මඟින් අස්ථාවර කාල පරිච්ජේදයකදී මනතුංග මහතා පෙන්වූ දූරර්දර්ශී නායකත්වය අගය කරනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division