Home » AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය 30 වැනි වසර සමරයි

AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය 30 වැනි වසර සමරයි

by Mahesh Lakehouse
June 7, 2025 12:30 am 0 comment

AlA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන, පොසොන් රැකවරණ ව්‍යාපෘතියේ අභිමානවත් 30 වැනි සංවත්සරය මේ වසරේදී සමරයි. 1993 දී ඇරඹූ මේ මහඟු කාර්යයෙන් පොසොන් සමයේ පූජා නගර කරා ඇදී එන බැතිමතුන්ගේ වටිනා ජීවිත දියේදී සිදු වන අනතුරුවලින් සුරක්ෂිත කිරීමට විශාල දායකත්වයක් සපයා තිබේ. මේ වසරේදීත් AIA පොසොන් රැකවරණ වැඩසටහන ඔස්සේ අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල මෙන්ම මිහින්තලේ සහ ප්‍රදේශවල වැව් සහ ජලාශ 39ක් ආවරණය වන පරිදි, විශේෂ පුහුණුව ලත් ජීවිතාරක්ෂකයන් 500කට ආසන්න ප්‍රමාණයක් සියලු නාන තොටුපොළවලවල මෙන්ම දියට බසින අනතුරුදායක ස්ථානවලද යොදවමින් සිදු කරයි. මේ පිළිබඳ AIA අධ්‍යක්ෂිකා/ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර කියා සිටියේ, “මේ වසර ශ්‍රී ලාංකේය ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ආයතනයක් වශයෙන් අප කළ කැපවීම වඩාත් පිළිබිඹු වන වසරක්. සමගිය වර්ධනය කරනන මෙවන් අවස්ථාවල මෙරට ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අපට මහත් අභිමානයක්…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division