කොහොමද ඉතින්… මේ දවස්වල අපේ ස්පෝට්ස් ඉවෙන්ට්ස්වලට ටිකක් වැස්සෙන් බාධයි. හැබැයි ඉතින් ලොකු ලොකු වැහි සීන් නැහැ. පොඩි පොඩි විනාඩි දහයේ පහළොවේ කෑලි තමයි කඩාගෙන වැටෙන්නෙ. ඒක මේ කාලෙ වෙදර් එකේ හැටිනෙ.
ඒ නිසාම අර පොඩි බඩගින්නට කන්නේ මොනවද වගේ පොඩි වැස්සකට හරියන්න කැප් එකක් දාගෙන තමයි මේ ෆ්රී මෑනුත් එහෙ මෙහෙ විසිට් කරන්නෙ. පහුගිය දවසක ඔහොම ටොරිංටන් පැත්තෙ පොඩි විසිට් එකක් දානකොට එකපාරටම පොඩි රේනිං සීන් එකක් ආවා කියමුකො. මොකද කාරණේ කියන්නෙ: යන එන මං අවුල් වුණා. අන්තිමට දුවල ගිහිල්ල නවතින්න වුණේ අර ජාතිකයි කියන සභාවක ගෙදර කොරිඩෝ එකක.
ඇතුළෙ එහෙ මෙහෙ මොනවද වෙන්නෙ කියල දැනගන්නත් එක්ක ටිකක් වෙලා ගියාම ෂේප් එකේ එන්ටර් වෙලා බැලුවා ඉතින්. මොකද කාරණේ කියන්නෙ: මේ දවස්වල කට්ටිය ටිකක් නාගත්ත සීන් දෙක තුනක් කර ගත්ත නිසා හොට් හොට් නිව්ස් ඇති කියලත් ඉවෙන් වගේ දැනුණා.
ඒ නිසා මහතැනගෙ රූම් එකටම කිට්ටු කරල කන දීගෙන ඉන්න කොට. මේ ඇහෙන්නෙ කසුකුසුවක්. ඒක ටික වෙලාවක් ගියාම ලොකු නඩුවක් තරමට නැඟල යන සීන් එකක් තේරුණේ. මම තව ටිකක් කිට්ටු කරල කන දීගෙන හිටිය කියන්නකො ඉතින්.
“ඕයි මේ! මහත්තය… රබර් ගහන කොට ටැකල් කරල, එහෙන් මෙහෙන් ලකුණු ගත්තට, මෙතැන එහෙම ටැකල් කරන්න ලේසි නැහැ (සැර සද්දෙ පොලිස් වොයිස් එකක් වගේ). තමුසේ මගේ ෆෝස් එකට රිංගුවෙ ඔය කවුන්සිල් එකේ අයට මේකට එන්න බැහැ කියන රූල් එක නොදැනද? නැත්තන් ලොක්කට බොරු ඇඩ්වයිස් දීල ලොක්කව අන්දලද? අන්තිමට තමුසෙල වගේ මිනිස්සු නිසා මේ ඊයෙ පෙරේදා ආපු ලොක්කා අමාරුවෙ වැටෙනවා.”
මට තේරුණ විදියට එහෙම සද්දයක් දැම්මෙ අර ඊයෙ පෙරේදා දවසක කැන්සල් කර කර දෙවරක් ඇපොයින්ට් කළ ෆෝස් එකේ ලොක්කා වෙන්න ඕනෑ. එහෙම දෙහි කැපුවෙ අර කවුන්සිල් එකේ මහ පුටුවට ආපු ප්රියතම නායකයට වෙන්න ඕනෑ. මම එහෙම හිත හිතා කනට පොඩි රෙස්ට් එකක් ගන්න කොට මෙන්න බොලේ ආයෙමත් අර සද්දෙ:
“තමුසෙ උඩහ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් රබර් ගැහුවට, කැප්ටන් කළාට, මේ වගේ කවුන්සිල් එකක් හැඬල් කරන්න තේරෙන්නෙ නැහැ. මේ දවස්වල මෙතන වෙන සීන් දැක්කම අපිට ඒක තේරෙනව. අපේ මහගෙදර ලොක්කට ඇඩ්වයිස් දෙන්න හදපු කවුන්සිල් එකේ ලොකු පුටුව අරගෙන ලොකු සීන් දාන්න එන්න එපා හොඳේ!
අන්තිමට ඔයාගෙ ලණු කාල ලොක්ක රෝං ඩිසිෂන්ස් ගත්තම ඒවට මීඩියා එකෙන් කන්න වෙන්නෙ අපේ ලොක්කටම නේ. දැන් පේනව නේ වෙච්ච දේවල්? එකම දේ මක මකා දෙතුන් සැරයක් කරන්න වෙලා. තමුසෙල ඉස්සර රේස්කෝස් එකේ රබර් මහගෙදරක ඉන්න කොට කරපු කෙළිවල පව් අපේ ලොක්කලට දැන් ගෙවන්න වෙලා තියෙන්නෙ. ඒ නිසා යාළුවො ගෙනැල්ල මේවට පුරවන්න ප්ලෑන් කරන්නෙ නැතුව නොදන්න මඟුල් අතෑරල මෙතැනින් ගියොත් හොඳයි නේද?” කියාගෙන මෑන්ස් එළියට එනවා වගේ දැනුණම මාත් මාරු වුණා.
එහෙම ෂේප් වෙලා එනකොටම තවත් එතැනම ඉන්න දන්න පොරක් සෙට් වුණා කියන්න කො.. “මේ… අර කට්ටිය ඇවිල්ල ටික දවසයි නේ… ඇයි ඇරගන්නෙ?” කියන ප්රශ්නෙ දැම්මම මෑන්ස්: “ඔහොම තමයි ඇඩ්මිනිස්ට්රේෂන් දන්නෙ නැති එවුන් ගෙනැත් දාගෙන දැන් මෙතැන විනාශ වෙන්නයි යන්නෙ,” කියාගෙන ගියා.