මේෂ – දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය මෙන්ම වෙනත් යහපත් අරමුණු පිළිබඳව දෙමාවුපියනට සතුටුවීමේ අවස්ථාව ගෙන දෙයි. සතුරු බලවේග අඩු වී යයි. ප්‍රමාද වූ විවාහයකට යෝජනා ස්ථිර වෙයි. ගෘහ ජීවිතය, ආර්ථිකය පිළිබඳ සැනසිලිදායක වාතාවරණයක් නිර්මාණය වේ. අපල අවම වීමට අසරණ අයට උපකාර කරන්න.
සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – අඟහරු: බදාදා, සිකුරාදා
වෘෂභ – දේපළ ඉඩකඩම් ගැටලු විසඳේ
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදරදොර කටයුතු පිළිබඳව වැඩි උනන්දුවක් පවතී. පිළිවෙළ අලංකාරය පිරිසිදුකමට මුල්තැන දෙයි. මවගේ සහයෝගය දේපළ ඉඩකඩම් ගැටලු විසඳීම බොහෝදුරට සිදු කෙරේ. දරුවන්ගේ දක්ෂතා ඔවුන්ගේ දියුණුව ගෙන දෙන සතියකි. අසනීප, සුළු අනතුරු ඇතිවිය හැකි බැවින් අවදානම් වැඩවල නොයෙදෙන්න. අපල අවම වීමට වකුගඩු රෝගීනට උපකාර කරන්න.
සුබ අංක – 5, 6, 8 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සෙනසුරාදා, බදාදා
මිථුන – සහජ දක්ෂතා ඉස්මතු වේ
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. සහජ දක්ෂතාවන් ඉස්මතු වන සහෝදර උපකාර ලබන සතියකි. ස්වයං රැකියා දියුණුවේ. මාපිය දූදරු බැඳීම් සහ පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබා දෙන බවක් පෙන්වයි. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සතුටු වීමේ අවස්ථා මතු කෙරේ. නිවාස, දේපළ ගැටලුවලට පිළියම් යෙදේ. අපල අවම වීමට කුඩා දරුවන්ට ආදරය දක්වන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
කටක – පුණ්‍ය කටයුතුවලට දායකත්වය
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. කථිකත්වය තුළින් දක්ෂතා බිහිවන දරුවන් නිර්මාණය වෙයි. පාසල් භූමිකාව තුළදී ඔවුන්ව හඳුනාගනියි. ගෘහ ජීවිතය තුළ මෙතෙක් තිබූ ගැටලුවලට යම් තරමක සහන මතු කර දෙයි. විදෙස්ගතව සිටි අයගේ පැමිණීම් පෙන්වයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය සපයයි. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලන අතර අතමිට මුදල් ගැවසේ. අපල අවම වීමට පත්තිනි මෑණියන්ට පින් දෙන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා
සිංහ – ආර්ථිකය ශක්තිමත් වේ
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. ඔබගේ කායික මානසික ශක්තිය යහපත් අන්දමින් පැවැත්වේ. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. කරන කියන වැඩකටයුතු රැකියා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන ලබයි. ගෘහ ජීවිතය දරුවන්ගේ යහපත් අරමුණුවලට සුබපල ගෙන දෙයි. අපල අවම වීමට කුසගින්නේ සිටින සතකුට හෝ ආහාර වතුර දෙන්න.
සුබ අංක – 1, 4, 5 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, බදාදා
කන්‍යා – සමාජයේ ගෞරවය ලැබේ
සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2 යන භාවයන් මතිනි. දුර ගමන් යෙදෙන්නට හැකි අතර ගමන් බිමන්වලදී ප්‍රවේශම අවශ්‍යය. ඔබගේ තත්ත්වය උසස්වීමටත් පිළිගැනීම ගෞරවය ලැබීමටත් ඉඩකඩ පවතී. මිල මුදල් තත්ත්වය යහපත් වන අතර වියදම් ද වැඩිවේ. වැඩියෙන් කතා කරන්නට ද සිදුවේ. සුළු අනතුරු අසනීප පෙන්වයි. අපල අවම වීමට ඉවසීම රඳවා ගන්න.
සුබ අංක – 3, 5, 7 / සුබ රවර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා
තුලා – ගෘහ ජීවිතයේ සාමය
සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය යන භාවයන් මතිනි. ඔබට මේ සතියේ ඥාති හිතවත් අයගේ පැමිණීම ඔවුන්ගේ උදවු උපකාර මෙන්ම ලැබිය යුතුව තිබූ මුදලක් හෝ ලැබීමට පුළුවන. ගෘහ ජීවිතය සාමකාමී ලෙස ගෙවී යයි. දරුවන්ගේ අධ්‍යාපනයේ නව පිබිදීමක් පෙන්නුම් කරයි. සතියේ මැද පාඩුවක් හෝ සිත් රිදීමක් විය හැකිය. අපල අවම වීමට දසදිසා පිරිත කියන්න.
සුබ අංක – 4, 7 / සුබ වර්ණ – සුදු, තැඹිලි / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික – රැකියා, ව්‍යාපාරවලින් ලාභ
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ලැබිය හැකි අතර විදෙස් ගමන් ද පෙන්වයි. ගෙදරදොර කටයුතුවල වෙනස්කම් පෙන්වයි. සාමාජීය පොදු වැඩවලට සහභාගිත්වය ගෙන දෙයි. දරුවන්ගේ කරුණු කාරණා වෙනුවෙන් සතියේ වැඩි කාලයක් වැය කරයි. ඒවායින් සතුටුවිය හැකි ජයග්‍රහණ ලබයි. අපල අවම වීමට බෝ මළුව පිරිසිදු කරන්න.
සුබ අංක – 1, 2, 7 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, බ්‍රහස්පතින්දා
ධනු – පදිංචියේ වෙනසක්
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි ගොඩනැඟෙන මේ සතිය තුළ ඔබ ඒ අරමුණු සපල කර ගනියි. රැකියා, ව්‍යාපාර අංශවලින් පෙරමුණ ගෙන ක්‍රියා කරයි. පදිංචිය පිළිබඳ වෙනස්කම් ඇති කරයි. නව නිවාස සිහින දකියි. ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. ඇසුරු කරන අය අතර ප්‍රියමනාප අයෙකු වෙයි. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත කියන්න.
සුබ අංක – 3, 5, 6 / සුබ වර්ණ – තැඹිලි, ළා නිල් / සුබ දවස් – බදාදා, සිකුරාදා
මකර – රැකියා අංශයේ දියුණුව
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවත් කන වැකෙන්නට ඉඩ තිබේ. ඉන්පසු දින කිහිපය අයහපත් නොවේ. රැකියා අංශවල දියුණුවක් දක්නට ඇත. පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබාදෙයි. ගෘහ ජීවිතය සාමකාමීය. සෙම් රෝග කලවාවල වේදනා ගෙනදෙන බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – නිල්, රතු / සුබ දවස් – බදාදා, සිකුරාදා
කුම්භ – ව්‍යාපාර ලාභ
සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතු කෙරෙහි උනන්දු වන්නේ නම් මේ සතියේ ඔබට ලාභ ප්‍රයෝජන අත්පත් කර ගැනීමේ හැකියාව පවතී. සාමාජීය කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. විදේශ ගමන් ඉල්ලුම්කර තිබුණේ නම් ඒවාට පණිවුඩ, ලිපි ලේඛන ලැබීමට පුළුවන. අපල අවම වීමට රෝගීනට සත්කාර කරන්න.
සුබ අංක – 3, 7, 9 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – අඟහරු, බ්‍රහස්පතින්දා, සිකුරාදා
මීන – පොදු වැඩවලට අතහිත
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. මේ සතියේ ඔබ කරන කියන කටයුතුවලදී මනා ප්‍රවේශමක් ඇතිකර ගත යුතුව ඇත. සුළු අනතුරුවලට අසනීපවලට ඉඩ ඇති බැවිනි. ව්‍යාපාර ලාභ ලබයි. පොදු කටයුතුවලට අතහිත දෙයි. සතුරන් සමඟ සුහද වෙයි. අපල අවම වීමට කහ පැහැ මල් උදේ සවස පූජා කරන්න.
සුබ අංක – 1, 3, 4 / සුබ වර්ණ – කහ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා