ශ්‍රීලංකන් ගුවන් සේවයේ නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (Maintenance, Repair and Overhaul) අංශය වන ශ්‍රීලන්කන් ඉංජිනේරු අංශය (SriLankan Engineering), තායිලන්ත ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority of Thailand) විසින් විදේශීය ගුවන් යානා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් සහ අනුමත නඩත්තු ආයතනයක් (Approved Maintenance Organization) ලෙස සහතික කර ඇත. මේ සුවිශේෂ සහතිකය සමඟින් තායිලන්තයේ ලියාපදිංචි ගුවන්යානා ක්‍රියාකරුවන්ට සහ ගෝලීය ගුවන්යානා බදු දෙන්නන්ට අවම පිරිවැයකින් ගුණාත්මක නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම් ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය වෙතින් සෘජුවම ලබා ගැනීමට හැකිය. තායිලන්ත ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority of Thailand) ලබා දුන් මෙම සහතිකය සමඟින් තායි ගුවන් සමාගම් මෙන්ම ගුවන් යානා බදු දෙන්නන් සමඟ සහයෝගිතාවෙන් කාර්යසාධනය වැඩිදියුණු කිරීම, ගුවන්යානා රඳවාගැනීමේ (Aircraft On Ground) කාලය අවම කිරීම, සහ පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ සේවා සැපයීමට ශ්‍රීලන්කන් ඉංජිනේරු අංශයට ඉහළ පිළිගැනීමක් ලැබේ.
ශ්‍රීලන්කන් ඉංජිනේරු අංශය CAAT සහතිකය හිමි කරගනී
326
previous post