මේ වන විට ගාසාව කුසගින්න, මන්දපෝෂණය අරක්ගත් ලෝකයේ දුක්ඛිතම, පීඩාවට පත් කලාපය බවට පත්ව ඇති බව නොරහසකි. හමාස් සංවිධානය දිගින් දිගටම පවසා ඇත්තේ, ඊශ්‍රායලය සටන්විරාම සාකච්ඡා මධ්‍යයේ තවමත් ගාසාවට පැමිණෙන ආධාර අවහිර කොට ඇති බවයි. එහෙත් ඊශ්‍රායලය, ඊශ්‍රායලයේ ගාසා වෙත වන අරමුණ, ලෙස ඉතා ප්‍රබලව විස්තර වන්නේ, හමාස් සංවිධානයේ යුධමය හා රාජ්‍ය පාලන ශක්‍යතාවයන් බව විස්තර වී ඇත.
ඇත්ත වශයෙන්ම යුදමය ස්ථාවරයක පිහිටා ඊශ්‍රායලය කටයුතු කිරීම හා දෙපිරිස අතර සටන්විරාම කොන්දේසි පිළිබඳ එකඟතාවකට නොපැමිණෙන තාක් ඊශ්‍රායල-පලස්තීන ගැටුමෙන් පීඩාවට පත් වන්නේ ගාසා වැසියන් මිස අන් කවරෙක්ද?
ගාසාවට ආහාර හිඟයක්
ලෝක සෞඛ්‍ය සංවිධානය, සෙසු ආහාර හා මානව අයිතිවාසිකම් සංවිධාන දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ, ගාසාව ඉතා දරුණු ආහාර හිඟකමකින් පෙළෙන අතර, කුඩා දරුවන්ගේ ජීවිත ඉතා අවදානම් තත්ත්වයක පවතින බවයි. මෙවැනි තත්වයක් මත මැයි 18 දා ඊශ්‍රායලය උතුරු හා දකුණු ගාසාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පලස්තීනුවන් 130ක් පමණ මරණයට පත් වී ඇති බව වාර්තා වද්දී, ගනු ලබන රාජ්‍යතාන්ත්‍රික පියවර, මැදිහත්කරණය සාකච්ඡාවල කිනම් ආකාරයේ සාර්ථකත්වයක්ද?
මෙයට ප්‍රබලතම ගෝලීය අර්බුදයකි. ඊශ්‍රායල ආරක්ෂක බළකායන් මේ සියලු තත්ත්ව මැද තවදුරටත් ගාසාව උදෙසා හමාස් සංවිධානය පරාජය කිරීමේ අරමුණින් මෙහෙයුම්, ප්‍රහාර දියත් කිරීම කුමන අන්දමේ මානුෂීයභාවයක් පළ කිරීමක්ද? මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ, ගාසාවට අවශ්‍ය ආහාර මූලික ප්‍රමාණයන්ගෙන් සැපයීම තමන් තහවුරු කර ඇති බවත්, තවදුරටත් ගාසාව තුළ කුසගින්න පිළිබඳ ගැටලුවක් වර්ධනය නොවන බවත්ය යන්න විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් මේ වන විටත් ආහාර බඳුන් අතැතිව දහස් ගණන් ගාසා වැසියන් කුඩා දරුවන්ද පෙරදැරි කරගෙන ආහාර පෝලිම්වල රැඳී සිටින දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පළ වේ. ගාසාවේ යථාර්ථයට තව කුමන සාක්ෂි අවශ්‍ය වේද?
පී.ආර්. දුෂාන්ති සිල්වා