ජාතික මදුරු මර්දන සතියේදී රට පුරා සිදු කළ සෝදිසි කිරීම්වලදී මදුරුවන් බෝවන ස්ථාන 100,613ක් හඳුනාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මැයි 19 සිට 24 දක්වා ක්‍රියාත්මක වූ මදුරු මර්දන සතියේදී රට පුරා නිවාස සහ පරිශ්‍ර 42,000ක් පරීක්ෂාවට ලක් කෙරිණි.
එහිදී නිවාස සහ පරිශ්‍ර 14,072කට රතු නිවේදන නිකුත් කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළාය. දිස්ත්‍රික්ක 10ක ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 52ක් ආවරණය වන සේ මෙම මර්දන සතිය ආරම්භ කරන ලද අතර, එහිදී දින 2ක් තුළ ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන 2,111ක් හඳුනාගැනිණි. ගත වූ මාස 5 1/2 ඇතුළත වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 21,439කි. 10 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.