Home » සා/පෙළ සිසුන්ට එක දවසේ විභාග 2ක්

සා/පෙළ සිසුන්ට එක දවසේ විභාග 2ක්

by Mahesh Lakehouse
May 24, 2025 12:38 am 0 comment
සුභාෂිණි ජයරත්න

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඔවුන්ගේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටිමට නියමිත දිනවලදීම විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයද යොදා තිබීමෙන් ඒ සිසුන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

විභාග දෙපාර්තමේන්තුව මඟින් මේ විභාග දෙකම පවත්වනු ලබන අතර, එම විභාග දෙකම සඳහා පෙනී සිටින්නේ එකම වයසේ (අපොස සාමාන්‍ය පෙළ සිසුන්) වන හෙයින් මේ තත්ත්වය උදා වී ඇත.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටිමට නියමිත අයදුම්කරුවන් සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය හා දහම් පාසල් අවසාන සහතික පත්‍ර අවසන් විභාගය සඳහා නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීමෙන් ප්‍රායෝගික පරික්ෂණ සඳහා වෙනත් දිනයක් ලබාගත හැකි බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division