633
මේ දිනවල ඉන්දියාවේ හයිද්‍රාබාද් තෙළන්ගනාහි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජන තරගයේ ‘හෙඩ් ටු හෙඩ්’ තරග අංශයෙන් ආසියාවේ මුල් පස්දෙනා අතරට පැමිණීමට සමත් වූ අනුදි ගුණසේකර එම අංශයෙන් අවසන් වටයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකේය තරගකාරිය ලෙසද වාර්තා අතරට එක් වූවාය.
එමෙන්ම මේ වසරේ ‘හෙඩ් ටු හෙඩ්’ සහ ‘ටැලන්ට්’ යන තරග අංශ දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවේ එකම තරගකාරිය ලෙසද ඇය වාර්තා අතරට එක් වන්නීය.