Home » දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීම ඇරඹේ

දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීම ඇරඹේ

අවිධිමත් රැකියා ක්ෂේත්‍රවල අයටත් විශ්‍රාම වැටුපක් හා රක්ෂණාවරණයක්

by Mahesh Lakehouse
May 24, 2025 12:40 am 0 comment
රසික කොටුදුරගේ

රජය විසින් ආරම්භ කරන ලද ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන මඟින් දිළිඳු පවුල් ලක්ෂ 20ක් වසර 5ක් තුළ සවිබලගැන්වීමට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සිළුමිණට පැවසීය.

මේ සඳහා සැලසුම් ආරම්භ කර දැනට දිස්ත්‍රික්ක 24 පුරා ගම්වලට ගොස්, එහි සිටින දිළිඳුම ප්‍රජාව හඳුනාගැනීමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත්, එහිදී හඳුනාගනු ලබන පිරිස් සඳහා ස්වයං රැකියාවල නිරත වීමට හෝ කණ්ඩායම් වශයෙන් ගොවිපොළ හෝ කර්මාන්ත කටයුතු කිරීමට අවශ්‍ය සහය සපයන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙහිදී ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහයක්ද, තාක්ෂණික සහයක්ද යන්න සොයා බලා මූල්‍යමය සහයක් අවශ්‍ය නම් රජයේ මූල්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කර එය ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළ හෙතෙම ඒ සහය ආධාරයක් හැටියට නොව, ණය මුදලක් ලෙස පිරිනමන බවද අවධාරණය කළේය. එහිදී මේ වසර සඳහා රුපියල් මිලියන 55,000ක් වෙන් කර තිබෙන බවත්, කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා 5%ක අඩු පොලියක් යටතේ ලක්ෂ 5 දක්වා ණය දීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මීට අමතරව වඩු, පෙදරේරු, පෑස්සුම්කරු, ත්‍රිරෝද රියැදුරු බඳු රජයේ නොවන අවිධිමත් රැකියා ක්ෂේත්‍රවල නියුතු පිරිස් සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත යොමු කර, ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමය සුරක්ෂිත කිරීමද මේ වැඩපිළිවෙළේම කොටසක් බව පැවසූ අමාත්‍යවරයා, සරලව පැවසුවොත් ඔවුන්ටද විශ්‍රාම වැටුපක් සහ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට මෙමඟින් කටයුතු කරන කරන බවද අනාවරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division