48
ජපානයේ සවරා ලංකාජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි 25 වෙනිදා ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ථෙරවාදී සම්ප්‍රදායානුකූලව 41 වෙනි වරටත් ජපානයේදී පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී උදෑසන සහ සවස ගිලන්පස බුද්ධ පූජා, උදෑසන සහ දහවල් සංඝගත දක්ෂිණාවන්, දන්සල්, ධර්ම දේශනා, බැති ගී ගායනා ඇතුළු ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් සමගින් පැවැත්වේ.