Home » මනාලියෝ

මනාලියෝ

by damith
May 24, 2025 12:30 am 0 comment

අපගේ 1995 දී උපත ලද,​ බෞද්ධ – කතෝ­ලික පවු­ලක හැදුණු වැඩුණු මූලික වශ­යෙන් ඉංග්‍රීසි කථා­ක­රණ,​ පවු­ලට ඉතා­මත් ළැදි,​ MBA (UK) සුදු­සු­කම් ලැබූ,​ ඇම­රි­කන් කෘතීම බුද්ධි (AI) සමා­ග­ම­කට දුර­ස්ථව සේවය කරන රූමත් තලෙළු,​ ඉතා ප්‍රසන්න,​ උද්යෝ­ගී­මත් දිය­ණි­යට සොය­නුයේ සාර්ථක පුතෙකි. ඇයට වත්කම් හිමිය. ඇම­රි­කා­වෙන් ලැබෙන යෝජනා වඩාත් යෝගය්‍යයි. i​r​u​s​h​i​1​0​0​@​g​m​a​i​l​.​c​o​m
B233016

අප පවුල කොළඹ 7 ජීව­ත්වන බොදු ගොවි මනා­ලෙස ස්ථාපිත ව්‍යාපාරික පවු­ලක් වන අතර,​ 1999 දී උපත ලද,​ උස 5′ 3″ කොළඹ ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාස­ලක අධ්‍යාපනය ලැබූ,​ උසස් අධ්‍යාපනය එක්සත් රාජ­ධා­නියේ දී ලැබූ එංග­ල­න්තයේ ජාතික රෝහ­ලෙහි වෛද්‍යවරි­යක් ලෙස සේවය කරන රූමත් දිය­ණි­යට අප සොය­නුයේ මනා­ගති පැව­තුම් ඇති,​ අධ්‍යාපනික හා වෘත්තීය සුදු­සු­කම් ලැබූ සමාන පවුල් පසු­බි­මක් සහිත එංග­ල­න්තයේ පදිංචි පුතෙකි. කරු­ණා­කර පවුලේ විස්තර m​a​n​a​m​p​e​r​i​p​r​i​y​a​n​t​h​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න
B233100

ඇම­රි­කාවේ ජීව­ත්වන සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 මැයි මස උපත ලද උස 5′ 4″ වන කරු­ණා­වන්ත හද­ව­තක් හා මනා ගති පැව­තුම් ඇති තලෙළු,​ රූමත්,​ ව්‍යවහා­රික ගණි­තය සඳහා උපාධි ලැබූ ඇ.එ.ජ. ප්‍රධාන පෙළේ සමා­ග­මක ප්‍රධාන පද්ධති ඉංජි­නේ­රු­ව­රි­යක් ලෙස සේවය කරන ද්විත්ව පුර­වැසි භාවය හිමි දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. u​s​p​r​o​p​o​s​a​l​1​4​@​g​m​a​i​l​.​c​o​m
B233029

කොළ­ඹට නුදු­රුව ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි බොදු ගොවි කරාව මිශ්‍ර රජයේ සේවයේ නියුතු උපා­ධි­ධාරී දෙම­ව්පි­යන් 1999 උපන් 5′ 6″ පැහැ­පත් සිහින් රජයේ විශ්ව­විද්‍යාලයක අව­සන් වසර වෛද්‍ය ශිෂ්‍යා වැඩි­ම­හල් දිය­ණි­යට වෛද්‍ය හෝ ඉංජි­නේරු උපා­ධිය අව­සන් කළ හෝ ශිෂ්‍ය ලංකාවේ ජීවත් වීමට කැමති පුතකු සොයයි. y​o​j​a​n​a​.​9​9​1​2​@​g​m​a​i​l​.​c​o​m​
B233083

ගම්පහ,​ බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1990 දී උපත ලද,​ උස 5′ 3″ වන BSC,​ MBA සුදු­සු­කම් ලැබූ,​ විවාහ නොවූ,​ කැනේ­ඩි­යානු ස්ථිර පදිං­චිය හිමි,​ කැන­ඩාවේ ජීවත් වන,​ තොර­තුරු තාක්‍ෂණ (IT) කළ­ම­නා­කා­රි­නි­යක් ලෙස කැන­ඩාවේ සේවය කරන,​ දිය­ණි­යට වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත්,​ උසස් රැකි­යා­වක නියුතු පුතකු සොයයි. විස්ත­රා­ත්මක තොර­තුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​1​9​5​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B232752

බො/​ ගොවි 1993 උස 5′ 3″,​ කොළඹ බැංකු නීති නිල­ධා­රිනී පැහැ­පත් සිහින් සිරු­රැති උගත් දිය­ණි­යට ගුණ­ය­හ­පත් සහ­ක­රු­වෙකු මව සොයයි. විදේ­ශ­ගත යෝජ­නාද සලකා බැලේ. v​a​p​r​o​p​o​s​a​l​9​3​@​g​m​a​i​l​.​c​o​m
B233070

බෞද්ධ වෙළඳ ව්‍යාපාරික පවුල උපාධි ලබා අැති දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙක් සොයයි. පැහැ­පත්ය. 5′ 3″ අලුත් වාහ­න­යක් සහ දෙම­හල් නවීන නිවස දායා­දය සහි­තයි. කුල ආගම් භේද නොසැ­ලකේ. සියලු විස්තර විද්යුත් තැපැල් Email : p​m​a​r​r​i​a​g​e​9​9​9​@​g​m​a​i​l​.​c​o​m​
B232781

මහ­නු­වර පදිංචි සිංහල,​ බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1997 ජූලි මස උපත ලද පරි­ග­ණක විද්‍යාව පිළි­බඳ උපා­ධිය පේරා­දෙ­ණිය විශ්ව­විද්‍යාලයෙන් ලබා­ගත්,​ වර්ත­මා­නයේ මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­රි­යක් ලෙස සේවය කරන ආක­ර්ෂ­ණීය දිය­ණි­යට යෝග්‍ය සහ­ක­රු­වකු සොයයි. ඇයගේ බාල සොහො­යුරා එම විශ්ව­විද්‍යාලයේම ඉංජි­නේරු උපා­ධිය හදා­රයි. පියා විශ්‍රාමික රජයේ ජ්‍යෙෂ්ඨ විධා­යක නිල­ධා­රි­යකු වන අතර,​ මව ගෘහ­ණි­යකි. මේ පිළි­බඳ උන­න්දු­වක් දක්වන පාර්ශ්ව­ය­න්හට කේන්ද්‍ර කොපි­යත් හා විස්තර සම­ගින් විද්යුත් තැපෑල මගින් සම්බන්ධ විය හැක. විද්යුත් තැපෑල m​a​h​a​n​a​m​a​g​a​m​i​n​i​5​8​@​g​m​a​i​l​.​c​o​m
B232829

වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 30,​ උස 5′ 2″ වන නාවික සමා­ග­මක මානව සම්පත් ප්‍රධානී ලෙස සේවය කරන,​ ව්‍යාපාර කළ­ම­නා­ක­රණ උපාධි ලැබූ,​ ප්‍රමාණ­වත් වත්කම් හිමි සිහින් සිරු­රැති හා සුහුරු දිය­ණි­යට වෘත්තී­මය සුදු­සු­කම් ලත්,​ මනා ගති පැව­තුම් ඇති පුතකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. විද්යුත් තැපෑල. p​p​e​r​e​r​a​7​1​3​@​g​m​a​i​l​.​c​o​m​
B232945

වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 25,​ උස 5′ 2″ වන රූමත්,​ මනා ගති පැව­තුම් ඇති,​ කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ බාලිකා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ,​ විදේ­ශ­ය­කට අනු­බද්ධ විශ්ව­විද්‍යාලකින් උපාධි ලැබූ,​ වර්ත­මා­නයේ පෞද්ග­ලික සමා­ග­මක සේවය කරන දිය­ණි­යට අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු s​a​n​d​u​l​a​h​e​r​a​t​h​2​5​6​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
B232813

හෙදි නිල­ධා­රි­නි­යක් වන මව හා ICTAD කොන්ත්‍රාත්කරු­වකු වන පියා ඔවුන්ගේ 1998 දී උපත ලැබූ උස 5′ 5″ වන NSBM උපාධි ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආහාර සැප­යුම් (කාර්යා­ලයේ) (catering Office) සේවය කරන අති­ශ­යින්ම රූමත් දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා­ගති පැව­තුම් ඇති කරු­ණා­වන්ත පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. p​r​o​p​o​s​a​l​f​a​m​i​l​y​6​0​0​@​g​m​a​i​l​.​c​o​m​
B233035

1986 උපන් (5′ 3″) දිය­ණි­ය­කට බොදු /​ ගොවි මවු­පි­යන් සුදුසු සහ­ක­රු­වෙකු සොයයි. ප්‍රථම උපා­ධිය කොළඹ විශ්ව­විද්‍යාලයේය. රාජ්‍ය අංශයේ රැකි­යා­වකි. පදිං­චිය කොළඹ ආස­න්න­යේය. දේපළ වත්කම් සහි­තය. මවු­පි­යන් විශ්‍රාමිකය. කථි­කා­චාර්ය විශේ­ෂයි. g​a​l​2​0​2​5​p​e​r​@​g​m​a​i​l​.​c​o​m
B232820

1992 මාර්තු මස උපත ලද මාගේ දිය­ණිය කැනේ­ඩි­යානු පුර­වැ­සි­යකු වේ. ඇය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී ඇයගේ ප්‍රථම ගෞරව උපාධි වැඩ සට­හන නිම­කර ඇත. එමෙන්ම ඇයට කැන­ඩා­වෙන් ලද ප්‍රථම විද්‍යා උපා­ධි­යක් ද ඇත. ඇය වර්ත­මා­නයේ ඕස්ට්‍රේලියාවේ කුවි­න්ස්ලන්ඩ්හි ඖෂධ වේදි­නි­යක් ලෙස සේවය කරයි. අප සිංහල වන අතර,​ අද­හන ආගම කතෝ­ලික ආගම වේ. ඇයට ඕස්ට්‍රේලියානු ස්ථිර පදිං­චිය හිමි අතර,​ අප සොය­නුයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කතෝ­ලික සහ ක්‍රිස්තියානි සහ­ක­රු­වෙක් පමණි. විද්යුත් තැපෑල : j​u​d​y​a​m​a​1​2​3​@​h​o​t​m​a​i​l​.​c​o​m
B233049

අවු. 27 බොදු ගොවි උගත් රූමත් දෙහි­ව­ලින් අංග­ස­ම්පූර්ණ නිව­සක් හිමි ව්‍යාපාරික පවු­ලක වැඩි­ම­හල් දිය­ණි­යට ව්‍යාපාරික /​ රැකි­යා­වැති උගත් කඩ­ව­සම් සහ­ක­රු­වෙකු ව්‍යාපාරික පියා සොයයි. විදේ­ශ­ගත වීම­ටද කැම­තිය. කේන්දර කොපිය සමග විම­සන්න.
SB232754

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු කරාව රාජ්‍ය සේවයේ නියුතු දෙම­ව්පි­යන් 1996 උපන් මොරටු විශ්ව­විද්‍යාලයේ පරි­ග­ණක ඉංජි­නේරු රූමත් දිය­ණි­යට සහ­ක­රු­වකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර පිට­පත සහිත පිළි­තුරු එවන්න. l​i​f​e​4​1​3​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SB233080

කොළඹ සිංහල අවු­රුදු 29 ඉතා රූමත් උපා­ධි­ධාරී ගුණ­ය­හ­පත් දිය­ණි­යට ධන­වත් ව්‍යාපාරික හෝ උසස් රැකි­යා­වැති ගුණ­වත් පුතෙකු සොයයි. භේද නොසැ­ලකේ. සියලු විස්තර සප­යන්න. p​r​o​p​o​s​a​l​p​e​r​e​r​a​5​@​g​m​a​i​l​.​c​o​m​
SB232931

කොළඹ- නුදු­රින් වයස අවු­රුදු 26ක් වූ මනෝ­විද්‍යා උපා­ධි­ධාරී දිය­ණි­යට වෛද්‍ය,​ ඉංජි­නේරු,​ බැංකු,​ වෘත්තී­ය­වේදී සහ­ක­රු­වෙක් සොයයි. විදේ­ශ­ග­තව සිටින අයද සලකා බලනු ඇත. 0701573440,​ 2734944,​ o​r​s​a​n​d​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB232537

ගම්පහ දිස්ත්‍රික්කයේ 1986 උපන් කතෝ­ලික උස 5′ 2″ MBA සමත් පුද්ග­ලික බැංකු­වක විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියුතු දිය­ණි­යට යහ­පත් පුතකු දෙමා­පි­යන් සොයයි. දායා­දය සහි­තයි. රාත්‍රී 7.00න් පසු අම­තන්න. දු.ක. 0728333513,​ 0114866383.
SB232722

ගම්පහ බොදු ගොවි 1981,​ 5′ 4″ තලෙළු අක්කර 1 1/​2 ඉඩ­මක් සහ දායාද හිමි දිය­ණි­යට ගුණ­වත් සහ­ක­රු­වෙකු මව සොයයි.
SB232995

පශ්චාත් උපා­ධි­ධාරී,​ රූමත්,​ කාරු­ණික 29 වියැති 5′ 2″ උස දිය­ණි­යට සමාන සුදු­සු­කම් ඇති සහ­කා­ර­යෙක් වෘත්තික,​ ගොවි බොදු කරාව දෙම­ව්පි­යන් සොයයි. m​w​b​g​1​6​0​@​g​m​a​i​l​.​c​o​m​ ලිපි­න­යට පිළි­තුරු එවන්න.
SB232904

පාන­දුර බොදු ගොවි පියා ඉඩම් හිමි වැවි­ලි­කරු,​ මව විශ්‍රාමික ඉංජිනේරු පවුලේ එකම දරුවා අවු. 26 (උස 5′ 3″) පුද්ග­ලික විශ්ව­විද්‍යාලයක ඉංග්‍රීසි කථි­කා­චා­ර්ය­ව­රි­යක්,​ රජයේ විශ්ව­විද්‍යාලයක බාහිර කථි­කා­චා­ර්ය­ව­රි­යකි. දායාද ලෙස දෙම­හල් නිවස,​ වාහන,​ අක්කර 12ක තේ ඉඩම හිමිය. උසස් රැකි­යා­වැති වැද­ගත් පවු­ල­කින් නැව­තී­මට කැමති (විශේ­ෂයි) පුතකු සොයයි. s​h​a​n​t​h​i​a​b​e​y​1​8​@​g​m​a​i​l​.​c​o​m
SB232886

බස්නා­හිර පළාතේ අවු­රුදු 30,​ උගත්,​ ඉතා­මත් රූමත්,​ පිය­කරු,​ කරු­ණා­වන්ත දිය­ණි­යට ඉතා­මත් ධන­වත් ව්‍යාපාරික මහ­තකු සොයයි. ඇය දැනට රැකි­යා­වක් නොක­රයි. වැඩි වයස්,​ දික්ක­සාද උවද සැලකේ. වයස් පර­ත­රය ගැට­ලු­වක් නැත. n​e​w​p​r​o​p​o​s​a​l​9​8​7​@​g​m​a​i​l​.​c​o​m​
SB232928

බොදු ගොවි බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 29 නීති­ඥ­ව­රි­යක් වන කෙටි විවා­හ­ය­කින් නීති­යෙන් වෙන්වූ මාස 11 වය­සැති එකම පුතකු සිටින වත්කම් හිමි දිය­ණි­යට වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් කරු­ණා­වන්ත අව­බෝ­ධ­යෙන් යුතු මනා­ල­යෙකු සොයයි. දික්ක­සාද අය හා කන­වැ­න්දුම් පුරු­ෂ­යන් වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල හරහා සම්බන්ධ වන්න. m​a​d​h​a​v​i​.​i​n​d​u​1​8​@​g​m​a​i​l​.​c​o​m
SB232739

බොදු ගොවි 1994 දී උපත ලද,​ අන්ත­ර්ජා­තික පාසැ­ලක අධ්‍යාපය ලැබූ,​ MBA දක්වා අධ්‍යාපනික සුදු­සු­කම් ලැබූ ශ්‍රී ලංකාවේ පිහිටි කැනේ­ඩි­යානු සමා­ග­මක සේවය කරන දිය­ණි­යට අප සොය­නුයේ අධ්‍යාපනික සුදු­සු­කම් ලැබූ හොඳ පෞරු­ෂ­යක් සහිත පුතෙකි. දිය­ණි­යද විදේ­ශ­ගත වීමට සැල­සුම් කරයි. m​a​r​r​i​a​g​e​s​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m
SB233057

බොදු ගොවි 1996 උපන් 5′ 7″ උසැති කොළඹ ප්‍රධාන බාලිකා පාසැ­ලක උගත්,​ උපා­ධි­ධාරී දැනට ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආය­ත­න­යක අධ්‍යක්‍ෂක තන­තුර දරන ස්ථිර මාසික ආදා­ය­මක්,​ නිව­සක්,​ අනෙ­කුත් දේපළ හිමි,​ රූමත් දිය­ණි­යට උගත්,​ යහ­පත්,​ කරු­ණා­වන්ත,​ ස්ථිර රැකි­යා­වක්,​ ව්‍යාපාර­යක් හිමි,​ කඩ­ව­සම් පුතෙකු දෙම­ව්පි­යන් සොයයි. (විදෙස් යෝජනා නොසැ­ලකේ.) E-mail : p​r​o​p​9​6​m​a​r​r​i​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SB232893

බොදු ගොවි 28 වියැති 5′ 5″ පරි­ග­ණක උපා­ධිය හැදෑරූ කෝට්ටේ නිව­සක් හිමි මෙරට විදේශ ආය­ත­න­යක සේවය කරන එකම දිය­ණි­යට උගත් ගුණ­වත් පුතෙකු දෙමා­පියෝ සොයති.
SB232874

මම වයස අවු­රුදු 36 වන ඇම­රි­කාවේ පුර­වැ­සි­යෙක්මි. වර්ත­මා­නයේ මා සිය­ටල් (Seattle) හි පදිංචි අතර ඇම­සන් (Amazon) මූල­ස්ථා­නයේ පර්යේක්‍ෂක වර­යකු ලෙස සේවය කරමි. මම ඉතා­මත් ක්‍රියාශිලී දිවි­පෙ­ව­තක් ගෙවන අතර,​ Devoted dog mom වෙමි. මම පවුල් දිවිය අග­යන අතර,​ ආද­රය,​ විශ්වා­සය,​ අන්‍යෝන්‍ය ගෞර­වය මත පද­නම් වූ පවු­ලක් ගොඩ නැගී­මට අද­හස් කරමි. මා සොය­නුයේ ස්ථිර සාර පවුල් බැදීම් අග­යන ජීවන අර­ග­ලය බෙදා­හදා ගැනී­මට කැමති අනා­ගත දිවි­යක් ගොඩ­නගා ගැනී­මට උත්සුක අයෙකි. මෙම අභි­ලා­ශ­යන් ඔබ අග­යන්නේ නම් කරු­ණා­කර විවා­හය පිළි­බඳ ඔබගේ බලා­පො­රොත්තු විස්ත­රා­ත්මක ලෙස සඳ­හන් පිළි­තුරු a​i​s​h​w​i​c​k​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB233022

රත්න­පුර බොදු ගොවි 99-9 උපන් පෞද්ග­ලික උපා­ධි­ධාරී රැකි­යා­වැති පුෂ නැකත බක­මූණ පක්‍ෂී දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙක් ව්‍යාපාරික දෙමා­පි­යන් සොයයි. රත්න­පුර අව­ටින් විශේ­ෂයි.
SB232763

විදේ­ශ­ග­තව ස්ථිර පදිං­චිවී සිටින බොදු ගොවි 28 වියැති උස 4′ 11″ වැද­ගත් රැකි­යා­වක නියුතු ගේදොර දේපළ හිමි දිය­ණි­යට සුරා සූදු­වෙන් තොර ඉංග්‍රීසි භාෂාව පිළි­බඳ දැනුම ඇති සුදුසු සහ­ක­රු­වෙකු දෙම­ව්පි­යන් සොයයි. e-mail – o​d​i​r​i​s​g​u​n​e​@​g​m​a​i​l​.​c​o​m​,​ Tele – 0112804574,​ 0016478572812.
SB233081

විශ්ව­කුල අවු. 35 පැහැ­පත් දිය­ණි­යට (රැකි­යා­වක් නොක­රයි) සුදුසුු සහ­ක­රු­වකු පියා සොයයි. බ.ප. විශේ­ෂයි. 033-2262669 ( රාත්‍රී 8 න් පසුව)
SB232983

විශ්‍රාමික සිංහල බොදු ගොවි මව ඇයගේ 1988 ඔක්තෝ­ම්බර් මස උපත ලද,​ උස 5′ 6″ වන තලෙළු,​ රූමත්,​ සිහින් සිරු­රැති ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනය ලැබූ පැමි­ණි­කාර පාර්ශ්වය ලෙස අවු­රුදු 03 නොගැ­ළ­පෙන විවා­හ­ය­කින් බැඳි­ම්ව­ලින් තොරව නීති­යෙන් වෙන්වූ වර්ත­මා­නයේ MBBS වෛද්‍යවරි­යක් ලෙස සේවය කර­නව දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ කරු­ණා­වන්ත හද­ව­තක් ඇති දුසි­රි­තෙන් තොර සැල­කි­ලි­මත් ශ්‍රී ලංකාවේ හෝ විදේ­ශ­යක ජීව­ත්වන පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත බොදු ගොවි පවු­ල­කින් සොයයි. අවශ්‍ය නම් සංක්‍රමණය වීමට යෝජිත දිය­ණිය සුදා­නම් කර­ණා­කර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. p​r​o​p​o​s​a​l​o​b​s​e​r​v​e​r​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m
SB233007

1990 මැයි මාසයේ උපන් මහ­ර­ග­මට නුදුරු බොදු 5′ උස කොළඹ අර්ධ රාජ්‍ය ආය­ත­න­යක මෘදු­කාංග සංව­ර්ධන නිල­ධා­රි­නි­යක් ලෙස සේවය කරන උපා­ධි­ධාරී දිය­ණි­යට උගත් ගුණ­ග­රුක ස්ථිර රැකි­යා­වක් ඇති පුත­ණු­වකු දෙමා­පි­යන් සොයයි. පළමු ලිපි­යෙන් පවුලේ විස්තර හා කේන්ද්‍ර පිට­පත් සමග ලියන්න.
SB232987

1997 අප්‍රියෙල් මාලඹේ බොදු ගොවි 5′ වෘෂභ ලග්න විසා නැකත කුජ 4 සා.පෙ. සහ N.V.Q 03 I.C.T සමත් පවුලේ චරි­ත­වත් එකම දුවට ස්ථිර රැකි­යා­වැති සම කුල ආගම දහ­මට ලැදි ගුණ­ග­රුක මනා­ල­යකු රජයේ සේවයේ නියුතු දෙමා­පි­යන් සොයති. මෙම නිව­සේම පදිං­චි­යට විශේ­ෂයි. 0112-561668.
SB232977

You may also like

Leave a Comment