මේෂ – මිල මුදල අතමිට ගැවසේ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. ආරම්භක දිනයේ පෙරවරු කාලය තරමක අසුබතා මතු කරයි. සවස් කාලය සමඟ ඉදිරි දින කිහිපය යහපත්ය. මිල මුදල් අතමිට ගැවසෙන ස්වෝත්සාහයෙන් කටයුතු කර යමක් උපයා සපයා ගන්නා බවක් පෙන්වයි. සහජ හැකියාවන් වර්ධනය වෙයි. මවගේ සහයෝගය ලබයි. ගේදොර, නිවාස, දේපළ ගැටලු විසඳෙයි. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 3, 7 / සුබ වර්ණය – රතු / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා
වෘෂභ – දූදරු දක්ෂතා
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. ගේදොර සතුට සමාදානය පවතින ආර්ථිකය ශක්තිමත් බවක් උසුලන සතියකි. දුවා දරුවන්ගේ දක්ෂතා මතු කරන අතර ඉගෙනුමට තිබූ බාධා ඉවත් වෙයි. පුණ්‍ය කටයුතු සඳහා නිරායාසයෙන් යොමු වේ. දුර ගමන්බිමන් යෙදේ. මවගේ උදවු උපකාර හිමි කෙරේ. අපල අවම වීමට පොදු වැඩවලට සහාය වන්න.
සුබ අංක – 3, 6, 8 / සුබ වර්ණ – ක්‍රීම්, ළා රෝස / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මිථුන – විදෙස් ගමන්වලට අවස්ථා
සඳු ගමන් ගන්නේ 12, 1, 2 යන භාවයන් මතිනි. ආරම්භක දිනය දුර ගමනක් යෙදිය හැකි අතර පාඩුවක් සිත් රිදීමක් සිදු වීමට ඉඩ ඇත. විදෙස් ගමන්වලටද ඉඩ තිබේ. දෙවන දිනයේ සිට ජීවිතය සතුටින් ගෙවන්නට හැකි වාතාවරණයක් සැලැසේ. අතමිට මිල මුදල් ගැවසේ. වචනයට අන්‍යයන් ගරු කරයි. අපල අවම වීමට ඉවසීමෙන් කටයුතු කරන්න.
සුබ අංක – 1, 3 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
කටක – ආර්ථික ලාභ
සඳු ගමන් ගන්නේ 11, 12, 01 යන භාවයන් මතිනි. දරුවන්ගෙන් හිතවතුන්ගෙන් මෙන්ම වෙනත් ක්‍රමවලින් ධනය හා වෙනත් ආර්ථිකමය ලාභ හිමිකර දෙයි. දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා සේම විවාහ දරු පල ආදී කරුණු කාරණාවලටද සුබය. පුණ්‍ය කටයුතු පොදු වැඩවලට සහභාගිත්වය ගෙන දෙන සුබ සතියකි. ඒ අතර පාඩු හෝ සුළු අනතුරු ආදියට ඉඩ ඇත. අපල අවම වීමට සුදු මල් බුදුන්ට පුජා කරන්න.
සුබ අංක 5, 7 / සුබ වර්ණය – කොළ / සුබ දවස් – සිකුරාදා, බදාදා
සිංහ – ගෙදර දොර කටයුතු සාමකාමීයි
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. ආරම්භක දිනයේ පෙරවරු කාලය තරමක ගැටලු මතුවිය හැකිය. ඉන් පසු දින කීපය යහපත්ය. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ලැබේ. විදෙස් ගතවීම් දක්නට ලැබෙයි. විදෙස්ගත හිතවතුන්ගෙන් ලාභ ගෙන දෙයි. ගෙදර දොර කටයුතු සාමකාමී අයුරින් සිදුවේ. පොදු සමාජයේ ඔබගේ ගරුත්වය ආරක්ෂා වේ. අපල අවම වීමට මවට පියාට උපකාර කරන්න.
සුබ අංක – 6, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
කන්‍යා – පුණ්‍ය සිතුවිලි පල දරයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. ඔබ සිතන පතන අයුරින් සියලු කරුණු කාරණා ඉටුවීමේ ප්‍රවණතාවක් පෙන්වයි. පුණ්‍ය කටයුතු පොදු සාමාජීය වැඩ කටයුතුවල නිරත වෙයි. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් වේ. ගෙදරදොර ඉඩකඩම් ගැටලු විසඳේ. අපල අවම වීමට ආර්ථික අපහසුතා ඇති අයට කුඩා දරුවනට උදවු කරන්න.
සුබ අංක – 6, 9 / සුබ වර්ණ – කොළ, කහ, ළා නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
තුලා – සහජ දක්ෂතා වර්ධනයට
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවත් අසන්නට ඉඩ ඇත. ඉන් පසු දින කිහිපය අයහපත් නොවේ. ගෘහ ජීවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය අයුරින් විසඳේ. රැකියා ව්‍යාපාරවලින් ලාභ ලබයි. සහජ දක්ෂතා වර්ධනය වන අතර ඒවායින් මුදල් උපයන තත්ත්වයක් පෙන්වයි. හිතවතුන් ඥාතීන් මුණගැසේ. අපල අවම වීමට විසිතුරු වර්ණවත් මල් පූජා කරන්න.
සුබ අංක – 4, 7 / සුබ වර්ණය – රතු, තැඹිලි / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික – දූ දරුවන්ගේ ජයග්‍රහණ
සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය දෙමින් සමාජ සේවා වැඩවලට උදවු උපකාර කරමින් ගෙවන සතියකි. සතියේ මැද තරමක් සුබපල අඩු කරන මුත් අවසන් දිනවල දියුණුවට වැඩ කර ගනී. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ජයග්‍රහණ අසන්නට ලැබෙයි. අනතුරු ඇති විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත කියන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – රතු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු – ව්‍යාපාර කටයුතුවලට සුබයි
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. මේ සතියේ සඳු ගමන් කරන ආකාරය අනුව ඔබට සුබ අසුබ දෙයාකාරයෙන්ම ගෙන දෙනු ඇත. ව්‍යාපාර කටයුතුවලට අසුබ ඇති නොකරයි. විදෙස් ගමන් යෙදීමට ද ඉඩ ඇත. ගෙදර දොර දියුණුව පිණිස යම් තීන්දු තීරණ ගැනීමට ද හැකියාව පවතී. කෙසේ වෙතත් බුද්ධිමත්ව කටයුතු කරන්න. අපල අවම වීමට අන්තරාය නිවාරණ පිරිත කියන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කහ, තැඹිලි / සුබ දවස් – ඉරිදා, බදාදා
මකර – කීර්ති ප්‍රශංසා
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුබපල පමුණුවයි. පුණ්‍ය කටයුතුවල නිරත වේ. ව්‍යාපාර ලාභ ගෙන දෙයි. කීර්ති ප්‍රශංසා ගෙන දෙන කටයුතුවල නිරත වෙයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවේ. සුළු අනතුරු අසනීපවලට ඉඩකඩ පවතින බැවින් කල්පනාවෙන් වැඩ කරන්න. අපල අවම වීමට සතුන්ට ආහාර ජලය දෙන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස – සිකුරාදා
කුම්භ – ගැටලුවලට විසඳුම්
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය ගැටලු නොමැතිව පවත්වාගෙන යා හැකි අතර ගේදොර, දේපළ, ඉඩකඩම් ගැටලුවලට ද විසඳුම් හිමිවේ. මාපිය දූදරු සබඳතා වැඩිදියුණු වේ. මවගේ සහයෝගය වැඩියෙන් ලැබේ. අපල අනතුරු සතියේ අග ඇති විය හැකි බැවින් අවදානම් වැඩවල නොයෙදෙන්න. අපල අවම වීමට රෝගීන්ට සලකන්න.
සුබ අංක – 3, 7, 9 / සුබ වර්ණය – නිල් / සුබ දවස් – සිකුරාදා, අඟහරුවාදා
මීන – සහජ දක්ෂතා ඔප් නැංවේ
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. සහජ දක්ෂතා ඔප් නැංවෙන ඒවායින් ඉපයීම් කරන්නට හැකි සතියකි. මාපිය දූදරු සබඳතා වැඩි වෙයි. ඔවුනොවුන් සහයෝගයෙන් කටයුතු කරයි. පුණ්‍ය කටයුතු සිදු කරයි. ගෘහ ජීවිතය ආර්ථිකය යහපත්ය. දරුවන් වෙනුවෙන් වෙහෙසේ. ඔවුන්ගේ අභිප්‍රායන් ඉටුවේ. අපල අවම වීමට බෝ මළුව පිරිසිදු කරන්න.
සුබ අංක – 4, 9 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස – අඟහරුවාදා