Home » ‘හෙළ සිනමාවේ නිළි රැජිණ’ දිවි සැරියට සමු දෙයි

‘හෙළ සිනමාවේ නිළි රැජිණ’ දිවි සැරියට සමු දෙයි

by chanaka
May 24, 2025 12:09 pm 0 comment

රවීණ රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (මැයි 24) අලුයම අභාවප්‍රාප්ත වූවා ය.

මියයන විට 78 වන වියෙහි පසු වුණු ඇය 1947 අප්‍රියෙල් 30 කැළණියදී ලැබී ය.

1963 වසරේදී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිස මාලනී ෆොන්සේකා 1968 වසරේදී ‘පුංචි බබා’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියා ය.

අම්මාවරුනේ, නිධානය, ආරාධනා, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.

‘හෙළ සිනමාවේ නිළි රැජිණ’ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා බැද්දේගම, එයා දැන් ලොකු ළමයෙක්, ගඟ අද්දර, හිඟන කොල්ලා, අහසින් පොළවට, ආකාස කුසුම්, සරිගම ඇතුලු සිනමාපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා, ජනප්‍රිය ම රංගන ශිල්පිනිය, හොඳ ම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් ලබා ගත්තා ය.

2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයට ද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළා ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division