Home » සෙලාන් බැංකුව 2025 පළමු කාර්තුවේදී වේගවත් වර්ධනයක

සෙලාන් බැංකුව 2025 පළමු කාර්තුවේදී වේගවත් වර්ධනයක

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment
රමේෂ් ජයසේකර ප්‍රධාන විධායක නිලධාරී සහ බුවනෙක අලුවිහාරේ සභාපති

සෙලාන් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී රු.මි. 4,199ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු.මි. 3,704ට සාපේක්ෂව 13.36% ක වර්ධනයකි.

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 සඳහා සෙලාන් බැංකුව රු. මි. 2,761ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මෙය පෙර වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළ වාර්තා වූ රු.මි. 2,295ට සාපේක්ෂව 20.29%ක වර්ධනයකි.

එසේම මූල්‍ය ක්‍රියාකාරීත්ව ප්‍රකාශයට අනුව, 2025 මාර්තු 31න් අවසන් වූ මාස 3ක කාලය සඳහා සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම, පෙර වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළ වාර්තා වූ රු.මි. 9,371ට සාපේක්ෂව 8.37%කින් පහළ ගොස්, රු.මි. 8,587ක් ලෙස වාර්තා වී ඇත. වෙළෙඳපොළ පොලී අනුපාත පහළ යාම සහ ණය හා තැන්පතු ප්‍රතිමිලකරණය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division