ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රටේ විශාලතම ඍජු විදේශ ආයෝජකයා (FDI) වන ඩයලොග් ආසිආටා සමූහයේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය මවු සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇ.ඩො.මි. 100 ක ආයෝජනයක් සිදුකරන බව දැනුම් දෙනු ලැබීය.
මේ සුවිශාල ආයෝජනයත් සමඟ ඩයලොග් සිදු කර ඇති සමුච්චිත ආයෝජන වටිනාකම ඇ.ඩො.බි. 3.37ද ඉක්මවයි. මේ සුවිසල් ආයෝජනය, ඩයලොග් ආසිආටා පීඑල්සී (DAP) වෙතින් ඇ.ඩො.මි. 81කින් සහ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් පුද්ගලික සමාගම (DBN) වෙතින් ඇ.ඩො.මි.19කින් යුත් ආයෝජනයක් වන අතර, එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ අතිරේක ගිවිසුම් දෙකක් මඟින් විධිමත් කර තිබේ.