මේ වසරේ ඔබේ සුරතලාට ආදරය කිරීමේ දිනය (Love Your Pet Day) සඳහා Pawfect Match නමින් AIA Sri Lanka සමාගමේ Tails of Freedom, Purrs and Woofs සහ සත්ත්ව සුබ සාධක සහ ආරක්ෂණ සංගමය (AWPA) සමඟ අත්වැල් බැඳගත්තේ ය. මේ වැඩසටහන මඟින් මිනිසුන් සහ ඔවුන්ගේ සුරතලුන් අතර පවතින බැඳීම විමසා බලන අතර, ශ්‍රී ලංකාවේ සත්ත්ව සුභසාධනය සඳහා වූ සද්කාර්යයන් උදෙසා කටයුතු කරනු ලබයි.
සුරතල් සතුන්ට ආදරය කරන, කොළඹ සහ තදාසන්න ප්‍රදේශ පුරා විසිරී සිටින පිරිස්වලට සිය සුරතල් සතුන් සමඟ සතුට සමරන අතරම, වීදි සතුන් සඳහා ආදරය සපිරි නිවාස සොයාගැනීමට සහාය වන මෙන් මෙමඟින් ජනතාවට ආරාධනා කරයි. එසේම වාසස්ථාන අවශ්‍ය සතුන්ට වාසස්ථානයක් සපයා දීමේ වැදගත්කම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ඔවුන් හදාවඩාගැනීමට පිරිස් යොමු කිරීමට උත්සාහ දැරීමත් මේ වැඩසටහනේ අරමුණකි.