Home » ‘සුව කිරීමට ප්‍රථම නිවාරණය..’ට හැමදාම ඇවිදින්න

‘සුව කිරීමට ප්‍රථම නිවාරණය..’ට හැමදාම ඇවිදින්න

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment

” සුව කිරීමට ප්‍රථම නිවාරණය…” යන තේමාව යටතේ සුව දිවියක් සඳහා ඇවිදීම කෙතරම් දුරට දායක වන්නේ ද යන්න සාමාන්‍ය ජනතාවට අවබෝධ කර දීමේ අරමුණින් පසුගිය දා දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් පා ගමනක් සංවිධානය කර තිබිණි.

පූගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සිට පූගොඩ නගරය වෙත මෙම පා ගමන සිදු කළ අතර, සෞඛ්‍ය වර්ධන නිලධාරී වෛද්‍ය චින්තක දිනේෂ් කුමාර ඇතුළු කාර්ය මණ්ඩලය ක්‍රියාකාරීව මේ සඳහා සහභාගී විය.

අවිවේකී ජීවිතය සහ ආර්ථික තත්ත්වයන් හමුවේ ඒකාකාරී ජීවන රටාවකට පුරුදු වී සිටින ජනතාව දියවැඩියාව, කොලෙස්ටරෝල්, පිළිකා, අධි රුධිර පීඩනය සහ අධික තරබාරුව… වැනි බෝ නොවන රෝග රැසකට ගොදුරු වීමේ ප්‍රවණතාව ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක, මෙවැනි වැඩසටහන් අඛණ්ඩව රට පුරා ක්‍රියාත්මක කිරීම දැඩි අවශ්‍යතාවක් ඇති වෙමින් පවතී.

කායික ව්‍යායාම්වල නිරත වීමට බොහෝ දෙනා තුළ වුවමනාව තිබුණද, ව්‍යායාම් උපකරණ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම සහ එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාව පරිදි විධිමත් විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම් නොමැති වීම ආදිය හමුවේ බොහෝ දෙනා ව්‍යායාම් කිරිම් අත්හැර දමා තිබේ.

මෙම තත්ත්වයට සාර්ථක සහ සරල ම විසඳුම වන්නේ, ඇවිදීම යි. එය, පිරිවැයක් නොදරමින් දවසේ පහසු වේලාවක් වෙන් කරගෙන නිරත විය හැකි, කායික ක්‍රියාකාරකමක් මෙන්ම ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන සහ මානසික උද්දීපනයක් ලබා දෙන සාර්ථකම ව්‍යායාමයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division