ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී Piaggio Apé ත්‍රිරෝද රථයේ නවතම නිෂ්පාදන පෙළක් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ගෝලීය වශයෙන් ඉමහත් පිළිගැනීමට ලක්ව ඇති Piaggio සන්නාමය සම්පූර්ණ වශයෙන් මෙරට වෙළෙඳපොළට පිවිසීම සඳහා විශ්වසනීය සිංගර් ශ්‍රී ලංකා සමාගම තෝරා ගැනීම විශේෂත්වයකි.
මෙම නවතම Piaggio Apé ත්‍රිරෝද රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම තුළින් ජනතාවගේ ජීවනෝපාය අවස්ථා ඉහළ නැංවීම සිංගර් සමාගමේ ප්‍රමුඛ අරමුණක් වේ. ඒ මඟින් ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමටත් මෙරට දුෂ්කර ප්‍රදේශ සහ මාර්ගයන්හි ප්‍රවාහන විසඳුම් සැපයීමටත් සිංගර් සමාගම මේ තුළින් බලාපොරොත්තු වේ.
මෙම නවතම Piaggio ත්‍රිරෝද රථ පෙළ හරහා පහසු ප්‍රවාහන විසඳුම් සැලසීමට සිංගර් සමාගම කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ජිවිතයට සහනයක් වෙමිනි. මගී ප්‍රවාහනය, භාණ්ඩ බෙදාහැරීම හා කුඩා පරිමාණ ව්‍යාපාර අවශ්‍යතා සපුරා ගැනීමට ඒ තුළින් ඉමහත් පහසුවක් සැලසේ. එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ විශ්වාසදායි හා මනා ඉන්ධන අරපිරිමැස්මක් සහිත ප්‍රවාහන විසඳුම් සලසා ගැනීමට හැකියාව උදා වීමයි.
මෙම සුවිශේෂී හඳුන්වාදීම පිළිබඳ අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා, “නවතම Piaggio Apé ත්‍රිරෝද රථ මෙරටට හඳුන්වාදීම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රවාහන පහසුකම්, ආදායම් මාර්ග මෙන්ම ජීවනෝපාය අවස්ථා ඉහළ නැංවීමේ ප්‍රමුඛ පියවරක් ලෙස සඳහන් කළ හැකියි. ව්‍යාපාරික දියුණුවේ වැදගත් සාධකයක් වන දුෂ්කර ප්‍රදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ට ආදායමක් උපයා ගැනීමට, ව්‍යාපාර වර්ධනය කර ගැනීමට මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට කදිම අවස්ථාවක් උදා කර දෙනවා…” යනුවෙන් පැවසීය.
ලොව පිළිගත් ඉතාලි තාක්ෂණය හා සුවිශේෂී ඉංජිනේරු විශිෂ්ටත්වය සමඟින් දශක දෙකකට අධික කාලයක් පුරා මෙරට පාරිභෝගිකයින් අතර
ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට සමත්ව සිටියි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ 100,000කට අධික Piaggio රථ වාහන ප්‍රමාණයක් භාවිත කරනු ලබයි.
Piaggio Apé හි 435 cc එන්ජිමක් සහිත Diesel Cargo Model (Ape xtra DX) ඩීසල් වාහන මාදිලිය නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන්හිද භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉතා සුදුසුය. එහි ඇති වැඩි දියුණු කළ බර ඉසිලීමේ හැකියාව හා මනා ඉන්ධන පිරිමැස්ම හේතුවෙන් අවම පිරිවැයකින් බොහෝ සේවාවන් සිදු කර ගැනීමට හැකියාව උදා වේ. ඒ නිසාම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට හා බෙදා හැරීම් කටයුතු සිදු කරන්නන්ට Ape Xtra DX සුවිසල් සහනයක් සලසනු නිසැකය. අවම පිරිවැයක් සමඟ විශ්වාසදායී ප්‍රවාහන විසඳුමක් ගෙන එන Ape Xtra DX විවිධ ආදායම් මාර්ගයන් සකසා ගනිමින් දියුණුවේ මාවත විවර කර ගැනීමේ හැකියාව උදා කර දෙයි. එසේම Ape Xtra DX විවිධ වර්ණයන් කිහිපයකින් මිලදී ගැනීමේ හැකියාවද දැන් ශ්‍රී ලාංකිකයින් වෙත උදා වී තිබේ.
මෙම නවතම ත්‍රිරෝද රථ පෙළෙහි තවත් සුවිශේෂී නිෂ්පාදනයක් වන්නේ Piaggio Diesel Passenger (Ape Auto DX) ත්‍රිරෝද රථයයි. එහි ඇති භාවිතයේ පහසුව හා ඉන්ධන පිරිමැස්ම හේතුවෙන් ප්‍රවාහන සේවා සපයන්නන්ට මෙන්ම එදිනෙදා ප්‍රවාහන සේවා සලසා ගන්නා මගීන්ට සුවිසල් පහසුවක් අත්කර දෙනු ලබයි. එසේම Piaggio විසින් හඳුන්වා දී ඇති නවතම Piaggio EV Passenger ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය කාබන් රහිත දුමකින් තොරව පිරිසුදු, නිහඬ හා සුව පහසු ගමනක් උරුම කර දීමට සමත් වේ.
Lithium-ion බැටරියකින් බල ගැන්වෙන එම ත්‍රිරෝද රථයේ පරිසර හිතකාමී බව, තිරසර බව හා අවම නඩත්තු වියදම් හේතුවෙන් පරිසරය ආරක්ෂා කරමින් වියදම් අවම කර ගැනීමටද හැකියාව උදා වේ.
මෙහිදී අදහස් දැක්වූ Piaggio Vehicles Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ Diego Graffi මහතා සඳහන් කර සිටියේ,
“දකුණු ආසියානු කලාපය තුළ වර්ධනීය වෙළෙඳපොළක් අත්පත් කර ගැනීමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සඳහන් කළ හැකියි. සිංගර් සමාගම සමඟ වන අපගේ හවුල්කාරිත්වය තුළින් Piaggio සන්නාමය ශක්තිමත්ව හා සාර්ථකව ශ්‍රී ලංකාව තුළ නැවත ස්ථාපිත කිරීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. ඔවුන් සතු විශ්වසනීයත්වය, ලංකාව පුරා විහිදුණු ප්‍රදර්ශනාගාර ජාලය මෙන්ම කාර්යක්ෂම අලෙවියෙන් පසු සේවාව මෙම නවතම ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා සිංගර් සමාගම කදිම හවුල්කරුවකු බවට පත්වනවා…’ යනුවෙනි.